Monday, July 29, 2013

PAYZA-PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම #3








කොහොමද යාලුවනේ.ඔන්න මම පොරොන්දු උනා වගේම 3 වෙනි ලිපියත් ලියන්න යන්නේ. PAYMENT PROCESSORS ගැන හැදින්වීමේ ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඉස්සරලා එක බලලම එන්ඩකෝ මෙතැනින්.
හරි එහෙනම් අද මම කියන්න යන්නේ තවත් paypal වගේම ගොඩක් ජනප්‍රිය, ඒ වගේම ගොඩක් වැදගත් PAYMENT PROCESSOR එකක් ගැන.ඒ තමයි PAYZA. ගොඩක් දෙනෙක් අහලත් ඇති මේ ගැන.Payza කලින් තිබුනේ AlertPay නමින්. 2012 තමයි AlertPay, Payza  උනේ.මෙයාලගේ වර්තමාන තත්වය ලොකු තැනක තියනවා.Payza වල මවු ශාකාව පිහිටලා තියෙන්නේ මෙන්න මේ ලිපිනයේ.
MH Pillars Ltd.
2 London Wall Buildings
London EC2M 5UU
United Kingdom
  මෙයාලගේ ශාකා පිහිටලා තියනවා Georgia,Canada,Sweden,Russia කියන රට වල.ඒ වගේම මෙයාලගේ ගනුදෙනු ප්‍රමාණය  paypal වලට දෙවෙනි වෙන්නෙත් නැ.බලන්ඩ මේ විස්තරේ.

With over 9 million members, Payza offers its services in 197 countries and in 21 different currencies. Payza is proud to provide its merchants around the globe a complete solution for accepting payments and managing their businesses. In addition, Payza offers foreign exchange services, fraud screening services, email invoicing, mass and single remittances and business management tools. Payza also provides under-serviced and emerging markets with an affordable and convenient way to receive international payments, thereby bolstering local economies in a global marketplace.

   ගොඩක් වෙලාවට paypal suport නොකරන site වල ගනුදෙනු කිරීමේදී අනිවාර්යෙන්ම අපිට උඩු වෙන්නේ Payza.මොකද අඩුම තරමේ  paypal හෝ Payza යන 2න් එකක්වත් 98% site වල බාවිතා වෙනවා.ඒ සදහා ගොඩක් බලපාන්නේ මෙයාල දෙන service එක ඒ වගේම මෙයාල charge කරන fees ඉස්තාපනය කරලා තියන රටවල් වගේ දේවල්.paypal වගේම ඔයාලට Payza වලදීත්  localized bank transfers, global bank wires, credit/debit card, checks, prepaid cards ආදී සියලුම පහසුකම් අත් විදින්ඩ පුළුවන්.මේකෙදි වැදගත්ම වෙන්නේ paypal වල නොදුන්නට අපිට Payza හරහා කෙලින්ම ලංකාවට මුදල් ගෙන්වා ගන්ඩ පුළුවන්.හරි එහෙනම් මුලින්ම රෙගිස්ටෙර් වෙලා ඉමු.දන්නැති අයත් ඉන්ඩ පුලුවනේ එක නිසා මම පියවරෙන් පියවර කියල දෙන්නම්. හරි එහෙනම් මුලුන්ම site එකට යන්ඩකෝ මෙතනින්.



site එකට ගියහම මෙන්න මේ වගේ page එකක් එයි.

එකේ දකුණු පැත්තේ උඩම sign up කියල button එකක් ඇති එක click කරන්ඩ. ඊළගට ඔයාලට එයි මෙන්න මේ වගේ page එකක්.

Select your country කියන තැනට ශ්‍රී ලංකා කියල දෙන්ඩ.ඔයාලට දීල ඇති starter ,personal,business කියල type 3 ක් ඒවා පහලින් දාල තියන chart එක බලල ඔයාලගේ බාවිතයට ගැලෙපන එකක් select කරන්ඩ .


 මේ ගැනත් සැලකිලිමත් උනාද?

දැන් ඔයලට අයුලක් ඇති සමහර විට මේ type වල වෙනස මොකක්ද . කෝකද තෝරාගන්නේ කියල. කෙලින්ම  business  එකක් ගත්තනම් හරිනේ.එක full option නේ අනික නිකන් දෙන එකනේ කියල. හරි එහෙනම් සේරෝටම කලින් මේක බලල ඉන්ඩකෝ.මේ තියෙන්නේ ලංකාවට බලපාන මෙයාලගේ fees. 



හරි මම හිතනවා එහෙනම් ප්‍රස්නේ විසදුනා කියල එහෙනම් ඔයාලා කැමැති type එකක් දැන් select කරන්දකෝ.දැන් ඉතින් මම මුල්ම ලිපියේ කියපු විදිහට මේ විස්තර පුරවන්ඩ තියෙන්නේ.මුල් ලිපිය බලල නැත්තම් සේරෝටම කලින් එක බලල එන්ඩ.නැත්තන් පස්සේ අපරාදේ කියල හිතෙයි.
ඔයාලට මේ පහල තියනවා වගේ page එකක්නේ ඇවිත් තියෙන්නේ.ඔකේ විස්ටර හරියටම දෙන්ඩ .සේරම step 3ක් තියනවා.
තව දෙයක් තියනවා.ඔයාලගෙන් 2වෙනි step එකේදී Transaction PIN එකක් ඉල්ලයි.
Your Transaction PIN is an extra layer of security. You will be asked to enter it before completing a transaction or deleting important account information.

 එකට මතක තියන number එකක් දෙන්ඩ.ඔයාලගෙන   transaction වලදී අහයි සමහර වෙලාවට.Security Question එකත් දීල next කරන්ඩ.දැන් ඔයාලට E mail එක verify කරන්ඩ කියයි.ඔයා දුන්න mail එකේ inbox එකට mail එකක් ඇවිත් ඇති එකේ තියන ලින්ක් එකෙන් ලොග් වෙන්න. හරි දැන් ඔයා register වෙලා ඉවරයි.හැබැයි තව පොඩි වැඩක් කරන්ඩ තියනවා. ඔයාලගේ page එකේ උඩම දකුණු පැත්තේ නම තියන තැන ඇති unverified කියල.ඒ කියන්නේ තව verify එකක් තියනවා කියන එක.
ඔයාල credit card එකක් add කරගත්තේ නැත්තම් මේ පියවර අනුගමනය කරන්නඩ .my payza account කියන තැන තියන ඊතලය click කරලා එන මෙනු එකෙන් Manage my money යටතේ තියන my credit card කියන තැන ච්ලිච්ක් කරලා විස්තර දෙන්ඩ.my bank account කියන තැනට ගිහින් කැමතිනම් bank account එක දෙන්දත් පුළුවන්.


හරි  එහෙනම් අපි දැන් බලමු card එක කොහොමද verify කරන්නේ කියල.unverified කියල තියන තැන click කරන්ඩ.එටකොට එනවා ඔයාගේ verify කරන්ඩ තියන option එක .Credit Card Validation කියල එකක් ඇති එක උඩ click කරන්ඩ.දැන් ඔයාගේ card information ඇති එතන Validate Card කියන link එක click කරන්ඩ. දැන් ඔයාලට verify කරන්ඩ ක්‍රම 2ක් තියනවා.කැමැති 1 ඉදිහකින් කරන්ඩ පුළුවන්.


  • Validate by Authorization Form

මේකෙදි files 3 ක් upload කරන්ඩ විතරයි තියෙන්නේ.
1.රෙගිස්ටෙර් වෙනකොට දුන්නු Authorization Form එකේ print එකක් අරන්  bank එකේ නිලදරියෙක්ගෙන්  අස්සන් කරගෙන  sacn කරලා upload කරන්ඩ.ඔයාගේ Authorization Form එක ගන්ඩ  Validate by Authorization Form කියන box එකේ තියන  Authorization Form කියන ලින්ක් එක click කරන්ඩ.ඒ එන ෆෝරම් එකේ ප්‍රින්ට් එකක් ගන්ඩ.
2.ඔයාගේ card එකේ ඉදිරි පෙනුම scan එකක්.
3.card එකේ පසුපස පෙනුමේ scan එකක්.
 ඔය 3 upload කරපුවහම ටික වෙලාවකින් verify කරයි.


  • Validate by Charge
මේ ක්‍රමය අපි paypal වල විදිහම තමයි.මුලින්ම 1$-2$ අතර ගානක් ඔයාගේ card එකෙන් charge වෙනවා.ඔයා bank එකට කතා කරලා charge උන ගාන අහගෙන site එකට දෙන්ඩ ඕන.හරිම සරලයි.කරන්ඩ ඕන මුලින්ම Validate by Charge box එකේ තියන validated your credit card කියන එක click කරන්ඩ.දැන් ඔයාගේ card එකේ cvv number එක දෙන්ඩ.cvv කියන්නේ card එකේ පිටිපස්සේ අස්සන ගාව තියන digit 3 .check box එක mark කරලා next කරන්ඩ.දැන් ඔයාලට massage එකක් එයි card එකෙන් සල්ලි කැපුන ඒ කැපුණු  ගාන USD කීයද කියල .දැන් ඔයාගේ bank account එක තියන branch එකට කතා කරලා අන්තිමට කැපුණු ගනන අහගන්ඩ ඕන.හැබැයි ඉතින් උන් කියන්නේ රුපියල් වලින්.උන්ගෙන USD වලිනුත් ගාන අහගන්ඩ. අහගෙන bank එකේ site එකට ගහින් අද දවසේ උන්ගේ USD selling rate එක බලලා ඔයා තනියමත් හදන්ඩ.දැන් බලන්ඩ බැංකුවෙන් කියපු ගානයි ඔයාට අපු පිළිතුරයි සමානද කියල.හරියටම බලල ගාන දෙන්ඩ.මටක තියාගන්ඩ ඔයාලට චාන්ස් 3යි දෙන්නේ.වරද්දගන්ඩ එපා.හරි වැඩේ හරියට කලානම් මෙහෙම massage එකක් එයි.

හරි එහෙනම් ඔයාගේ Payza එක සම්පුර්න ලියාපදිංචි කරලා ඉවරයි.දැන් ඔයාට ලොකු ලිමිට් එකක් තියනවා මාසිකව.පොස්ට් එක ගොඩක් දිග වැඩි උනා.සරලවම ලියපු හන්ද හැම අස්සක් මුල්ලක් නැරම ලියුවා.එහෙනම් ගැටළු තියනවනම් comment එකක් දණ්ඩ.ඊලග PAYMENT PROCESSORS එක විදිහට MB ගැන ලියන්නම්.MB කියන්නේ ජර්මන් පොරක්.බලමු උගේ වැඩ කොහොමද කියල.

ඒ වගේම අලුතෙන් පලවන ලිපි ගැන E mail එකක් ගන්ඩ ඔයාලගේ E mail එක submit කරලම යන්ඩ.ගියාට කමක් නැ. හැබැයි අයෙත් එන්ඩ.දැන් මම දිගටම බ්ලොග් ලියනවා.එහෙනම් සුබ දවසක් යාලුවනේ. ....................

14 comments:

  1. peyza ekenam reg una eth ara scan karana ewa terenne na. oyage fb link eka dannako yalu

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. @ SCUX
    1)mey kata credit card thiyennama oney da ?
    Recive karanna yi Transaction Karannayi.
    2)Bank Account 1k denakot sampath bank account 1ak denna Puluwanda ?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම නැ.card එක කියන්නේ එක ක්‍රමයක් විතරයි.තව ක්‍රම ගොඩක් තියනවා.නමුත් ලෝකයේ වැඩි පිරිසක් බාවිතා කරන්නේ credit card හා debit card.එකට හේතුව තමා cost එක අඩු වීමත් වැඩේ පහසු වීමත් ඉතා ඉක්මනින් transfer කිරීමේ හැකියාවත්.
      Payza වලදී card වලට අමතරව Check/Money Order,bank wire වැනි ක්‍රම වලිනුත් මුදල් හුවමාරු කරන්න පුළුවන්.නමුත් මෙහිදී ලොකු cost එකක් යනවා මුදල් හුවමාරුවට.bank wire වලදී 20$ කැපෙනවා.නමුත් ගොඩක් ලොකු මුදල් transfer කරනවානම් ඇත්තටම වඩා වාසිදායක bank wire තමා.withdrow කරන්නයි money add කරන්නයි 2 කටම bank wire use කරන්න පුළුවන්.මෙහිදී සම්පත් බැංකුව ප්‍රස්නයක් වෙන්නෑ.ඔයා බෑන්ක් එකට කතා කරලා swift cord එක ඉල්ලගන්ඩ.ඒ cord එකෙන් ලෝකේ ඕනෑම බැංකු ශාකාවක් හදුනගන්ඩ පුළුවන්.

      Delete
  3. Ela machan! Uba mara kattak kala thiyenawa mekakaranne. Eth uba A katta kawe naththam apatath A katta kanda wenawa. Api wenuwen me post eka dammata Thank !!!!!!!!!!!!

    ReplyDelete
  4. Meken thama aththatama Wade therune !!!!!! Ela Machan

    ReplyDelete
  5. hoda starterda? personalda?

    ReplyDelete
  6. personal හොදයි සහෝදරයා පහසුකම් එහෙම ටිකක් වැඩි

    ReplyDelete
  7. mage acc eka digit 3 dila ,, check box එක mark කරලා next karama me vidiyata msg ekak enawa mokakde meke aula kiyanna puluwanda?????
    " Your transaction has been declined. Please contact Customer Support for assistance. Error: 236 "

    ReplyDelete
    Replies
    1. card එක online payemant වලට active කරලද තියෙන්නේ. online payemant වලට active කරලා නැත්තම් transaction කරන්න බැ .නැත්තම් ඔයා upload කරන මුදල account එකේ නැ .ඒ කීවේ බැංකුවේ තියන ගැන ඩොලර් වලට ප්‍රමාණවත් නැ

      Delete
    2. acc eke sallith tiyenawa.card ekath online payemant active karala tiyenne.eth me error eka enawane

      Delete
  8. Thanks for the valuable information and insights you have so provided here...
    best high risk payment processors

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.

Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...