Wednesday, October 9, 2013

Reload mobile online-ගෙදර ඉදන් ඔබේ ජංගම දුරකතනය Reload කරගන්න

ගෙදර ඉදන් ඔබේ ජංගම දුරකතනය Reload කරගන්න with credit card and paypal 



දැන් ඉතින් phone එකට Reload දාගන්න කඩවල් ගානේ දුවපු කාලේ ඉවරයි. දැන් ගෙදර ඉදලම් තප්පර ගානකින් ඔබගේ ගිණුම Reload කරගන්න වගේම Bill ගෙවන්නත් පුළුවන්.මේක ඉතින් සමහර අයනම් දන්නවා ඇති.එත් නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියන්නම්.මේ ක්‍රමයෙන් ඕනෑම දුරකථන ජාලයකට Reload කිරීමී හැකියාව පවතිනවා.මම දැනට බාවිතා කරලා තියෙන්නේනම් මොබිටෙල් හා ඩයලොග් පමණයි. නමුත් ඔබට සේවා සපයන සියලු ආයතන මේ පහසුකම ඔබට සලසලා දීල තියනවා.ඊට අමතරව අතරමැදි වෙබ් අඩි හරහාද මේ සේවාව සලසා ගන්න පුළුවන්.මේ අඩවි වල වෙන්නේ ඔබගේ credit card එක හරහා මුදල් ලබාගෙන Reload කිරීමේ ක්‍රමයක්. ඊට අමතරව paypal වැනි payment prosessers හරහා මුදල් ගෙවා Reload කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් කියන්න වැදගත් දෙයක් තියනවා. මේ සේවාවල් සදහා කිසිදු අමතර ගාස්තුවක් අය වෙන්නේ නැ.


මෙන්න එහෙනම් ඔබගේ දුරකථන සේවා සැපයුම් කරුගේ ලින්ක් ටික 


 ඔයාලට මේ ලින්ක් එකෙන් ගියහම් මේ වගේ site එකක් එයි
ඔතන Reload කරන්න ඕන නුම්බෙර් එක දෙන්න .button  එක ච්ලිච්ක් කරලා ඉදිරියට යන්න .මම හිතනවා එතන අමරුදෙයක් නැ කියල.පොඩි ෆෝරම් ටිකක් තියෙන්නේ පුරවන්න.E-mail එක ඉල්ලයි එකට ඔයාල බාවිතා කරන එකක් දෙන්න.ඔයාගේ credit card විස්තර ඉල්ලයි.ඒවා නිවැරදිව දෙන්න.ඔය.ඔයාලට අන්තිමට පහල තියනවා වගේ bill එකක් දෙයි.එකේ screen shot එකක් ගහල තියාගන්න.බැරි වෙලාවත් Reload එක අවේ නැත්තන් report කරන්න.ඔයාගේ මේල් එකටත් එනවා ඒ bill එක.මම පහල රවුම් කරලා තියන තැන පෙන්නවා SUCCESS ද FAIL ද කියල.

මොබිටෙල් ලගේනම් මුලින්ම ලියාපදිංචි වෙන්න ඕන. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ටෙර් වෙන්න. ඊට පස්සේ ලොග් වෙන්න .ලොග් උනාම Pay Online කියල ඇති . ඊට පස්සෙනම් ඩයලොග් විදිහමයි.ලොකු වෙනසක් නැ.අන්තිමට මෙන්න මේ වගේ bill එකක් එයි.

හච් වලදිනම් මොවුන් වෙනත් අඩවියක් හරහා තමයි දෙන්නේ . ඒ සදහා ලියාපදිංචි වෙන්න ඕන. මීට අමතරව අනෙකුත් සේවා ගැන සදහන් කරන්න ඕනේ නැ කියල හිතනවා.

Reload සේවාව සපයන වෙබ් අඩවි

හරි එහෙනම් මේක ඉතින් ගොඩක් ලොකු දෙයක් නෙමේනේ.ඕක සියලුම සමාගම් සපයන සේවාවක්. දැන් බලමු මේ සේවාව සපයන වෙනත් අඩවි මොනාවද කියල.
මම පහින් ලින්ක් ටික දැන්නම්

1. http://reload.lk/ මේ හරහා ලංකාවේ පවතින සියළුව දුරකථන සදහා online Reload කිරීමේ හැකියාව පවතිනවා.

2. කප්රුක මොබිටෙල් ඩයලොග් හා එටිසලාට් සදහා  online Reload කිරීමේ හැකියාව පවතිනවා.

3. ටොප් up ලියාපදිංචියෙන් පසු සේවාව ලබාගත හැක.


ඔය ඇති. හැම site එකේම එකම දේ වෙන්නේ.ඇත්තටම මම මේ site 4 use කරලා නැ තාම.මොකද මට උවමනාවක් උනේ නැ. මොකදා ඉතින් ඔරිගීනල් site එක තියන නිසා එකෙන්ම කරගන්න පුළුවන්නේ.එත් සමහරවිට ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතල දැම්මේ.

paypal එකෙන් Reload කරමු.


තව එක site එකක් ගැන විශේෂයෙන් කියන්න ඕන.ඒ ලංකාරීලෝඩ් ගැන. ඔයාල නෙට් එකෙන් සල්ලි හොයන වැඩ කරනවානම් ගොඩක් අයට මිදල් ලබාගැනීමේ ගැටළු තියනවා.ඔයාලට කැමතිනම්  ඔයාලගේ paypal ගිණුමේ මුදල් වලින් ලංකාරීලෝඩ් හරහා online Reload කෙරීමේ හැකියාව පවතිනවා.මම හිතනවා අන්තිමට දැම්මට මේක ගොඩක් වැදගත් වෙයි කියල ගොඩක් අයට.මෙන්න එහෙනම් ලින්ක් එක . මම මේ site එකනම් බාවිතා කරලා තියනවා.මුලින්ම රෙගිස්ටෙර් වෙන්න ඕන .ඊට  පස්සේ ඉතින් ඕන දෙයක්.

මීට අමතරව තව ඕන තරම් site තියනවා එත් ඉතින් මම හිතනවා මේ ටික ඇති කියල. ඔයාල මොනවා හරි අලුත් දෙයක් ලබා ගත්තනම් එක තමයි මගේ සතුට. යන ගමන් comment එක්ක දාලම යන්න අමතක  කරන්න එපා.තවත් පොස්ට් එකකින් හම්බෙමු හැමෝටම සුබ දවසක්.




Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...