Friday, June 21, 2013

Online Hard disk එකක් නොමිලේ

How to get 7GB minimum memory free


අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක්.ඇත්තටම ගොඩක් අයට තියන ප්‍රස්නයකට තම අද විසදුමක් දෙන්ඩ යන්නේ.අපි හැමෝටම ඕනෑම වෙලාවක ඇති වෙන්ඩ පුළුවන් අවුලක් තම hard එක error ව්ම නැත්තම් bad secters හැදීම සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වීම වගේ දේවල්.ඒ වගේ දෙයක් උනොත් අපේ වැදගත් කියන දත්ත වලට හානි වෙන්ඩ හරි නැත්තම් සම්පුර්නයෙන්ම නැති වෙලා යන්ඩත් පුළුවන්. මම හිතනවා ඔයාල හැමෝම මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියනවා. ඒ වගේම ඔයාල ගොඩක් pen drive ,CD ,DVD,නැත්තම් External Hard disk දේවල් use කරනවා ඇති ඔයාලගේ data හුවමාරු කරන්ඩ .තැනින් තැනට රැගෙන යන්ඩ.එහෙමත් නැත්තම් ඔයාලගේ වැදගත් data save කරලා තියාගන්නත් CD ,DVD වගේ දේවල් use කරනවා ඇති.නමුත් මේ දේවල් එතරම් සාර්ථක දේවල් නෙමේ.මොකද CD , DVD,pen ,EHD  වගේ දේවල් වල තියන දත්ත හානි වෙන්ඩ තියන ඉඩකඩ වැඩි.ඒ වගේම මේ සදහා අඩික පිරිවැයක් දරන්ඩ් ත් ඔයාලට සිදු වෙනවා.නමුත් මම අද කියල දෙනවා ගොඩක් සාර්ථක වගේම නොමිලේ ඔයාලගේ data save කරලා තියාගන්ඩ සුපිරි ක්‍රමයක්.හරියටම කීවොත් මේ පොස්ට් එක ඉවර වෙනකොට ඔයාලට සතයක්වත් වියදම් නොකර 7 GB data Space එකක් හම්බෙනවා.හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු .


              ඇත්තටම මේ සදහා අපි සේවා සපයන වෙබ් site එකකට ගිහින් register වෙන්ඩ ඕන මුලින්ම.ඊට පස්සේ අපේ data අපි register උන acount එකට upload කරන්ඩ ඕන.නමුත් ඔයාල හිතනවා ඇති එතකොට අපේ data සුරක්ෂිත වෙනවද කියල.ඔව් අත්ටටම ප්‍රස්නයක් තම. එක නිසා තම අපි අපේ acount එක පිළිගත්ත විස්වාසවන්ත site එකක open කරන්ඩ ඕන.හරි මම දෙන්නම් 100% විස්වාසවන්ත site 2ක්. ඔයාල හැමෝම දන්නා Gogle හා Yahoo කියන සමාගම් තම අපි තොරගන්න්නේ.හරි එහෙනම් මුලින්ම register වෙලා ඉමුකො. 


Google Drive



                       google ලා අපිට දෙනවා 5 GB drive එකක්.එකට කියන්නේ google drive කියල.ඔයාල සමහරවිට අහලත් ඇති.හරි එහෙනම් මම ලින්ක් එක දෙන්නම්. මේ විස්තර බලලම ඉන්න .


register වෙන්ඩ අමාරු කෙනෙක් ඉන්නවනම් මම පියවර කියන්නම්.ඔය උඩ්  තියන ලින්ක් එකට ගියහම තියනවා Goto your drive කියල button එකක්.නිල් පාටට. අන්න එක click කරල එන page එකේ Sign 
in කියන තැන ඔයාගේ Gmail address එකයි password දෙන්ඩ.අයේ අමුත්වෙන් Form පුරවන්ද ඕනේ නැ.ඔයාගේ Gmail එකෙන්ම තම log වෙන්ඩ තියෙන්නේ. හරි ඔයාල හරියට වැඩේ  කරානම් දැන් තියෙන්නේ aplication එක Download කරන එක.ඔය page එකේ පහළ ඇති Download Drive for PC කියල.අන්න එතනින් මෙයාල දෙන app එක බාගන්ඩ.එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ බලන්ඩ ඔයාලගේ destop එකේ google drive කියල Folder එකක් හැදිලා ඇති.දැන් කරන්ඩ තියෙන්නේ ඔයාලගේ වැදගත් File සේරම ටික ඔය Folder එකට Move කරන්ඩ.එහෙම නැත්තම් Cut and past කරන්ඩ.බය වෙන්ඩ දෙයක් නැ ඊට පස්සේ මෙය ඔටෝ Upload කරගන්නවා.upload වෙන්ඩ ඔයාගේ නෙට් එකේ වේගය බලපානවා.කොහොම හරි මේ විදිහට ඔයාට 5 GB දක්වා upload කරගන්ඩ පුළුවන්. දැන් ඔය upload කරපු data ලෝකේ අනික් කෙළවරෙන් Acount එකට log වෙලා උනත් ගන්ඩ පුළුවන්.ඔයාට නෙට් Conection තියන ඕනෑම Electronic Gajet එකකින් ඔය Upload කරපුව නැවත බාගත් කරන්ඩත්.තව තව දේවල්.upload කරන්ඩත් google+ වලින් share කරන්ඩත්.ඔයා යවන Mail වලට tag කරන්ඩත් පහසුවෙන්ම පුළුවන්.කොටින්ම කීවොත් මේක Combo Box එකක්. දැන් ඔයාලට කාලයක් යනකොට 5 GB මදි වගේ දැනෙනවනම් ඔයාලට ඇති තරම් Upgrade කරගන්ඩ පුළුවන්.හැබැයි  ඉතින් එතකොටනම් පොඩි ගානක් ගෙවන්ඩ වෙනවා.එක අවුලක් වෙන්ඩ බැ pen වලට වියදම් කරන සල්ලි දැන් ඉතුරුයිනේ.





Dropbox






 මේ සේවාව ලබා දෙන්නේ yahoo එකෙන්.මුලින්ම මෙයාලගේ register වෙන්ඩකෝ මෙතන click කරලා.  ඔයාලට මුලිනම් 2 GB තම හම්බෙන්නේ.ඔයාල data Upload කරහම 500 MB දෙනවා. facebook twiter වලට Connect කරහම තම MB හම්බෙනවා.  ඒ වගේම තවත් ගොඩක් ක්‍රම වලින් Space එක වැඩි කරගන්ඩ පුළුවන් free.මේකත් google drive වගේම තම.app එක ඉන්ස්ට්‍රෝල් කරහම destop එකේ folder එකක් පෙන්නනවා.ඔයාලට yahoo mail යවනකොට tag කරන්ඩත් කැමතිනම් fb වල වගේ site වල share කරන්ඩත් පුළුවන්.500 GB විතර වෙනකන් Upgrade කරන්ඩ දෙනවා මෙයාල.ඒ වගේම කාලෙන් කාලෙට free MB දෙන හන්ද ඔයාලගේ drive එකේ space එක වැඩි කරගන්දත් පුළුවන්.මේ item එක තමා google වලට අමටරව dropbox වල පමණක් තියන service එක.










මම හිතනවා අදින් පස්සේ කට්ටියට data ගැන වද වෙන්ඩ දෙයක් නැතුවැති  කියල.මමනම් දැනට මේ 2 කම use කරනවා.ඒක  ගොඩක් පහසුයි මටනම් ඕන තැනකින් log වෙලා මගේ වැඩේ කරගන්ඩ පුළුවන්.   විශේෂයෙන් pc එකේ තියන දේවල් Upload කරලා phone එකෙන් බලන්ඩ පුළුවන්.අ තව දෙයක් තියනවා.ඔයට ඔයාගේ drive එකට log වෙන්ඩ මම කලින් කියපු application එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉන්ඩ ඕන.phone වලට වේනම්  app එකක් එනවා.  එහෙනම් වැදගත් දෙයක් ලීවා කියල හිටනවා.ප්‍රශ්නයක් තියනවා නම් Comment එකක් දාන්ඩ.මම reply කරන්නනම්.එහෙනම් හැමෝටම සුබ දවසක්.







Wednesday, June 12, 2013

ලකාවේ අපිට Forex trading අකැපද?


                   ඇත්තටම ඔයාල අහල ඇති  Forex trading ගැන.අහල නැත්තම්  Forex trading කියන්නේ ලංකාවේ කොටස් වෙළදපොල නැත්තම් Stock market වගේ එකක්. හැබැයි එතින් Stock market එකට වඩානම් ගොඩක් සන්කීරණයි . මේ දෙකේ වෙනස තම   Stock market එකේ විකිනෙන්නේ කොටස්.නමුත් Forex market එකේ විකිනෙන්නේ මුදල්.ඒ කියන්නේ මුදල් විකුණලා මුදල් හම්බ කරන එක තම Forex වලදී කරන්නේ.
                      ඒ ගැන එච්චර හිතන්ඩ එපා.ඕක වෙන්නේ විනිමය අනුපාත එක්ක. Foriegn හා Exchange        කියන වචන දෙක එකතු වෙලා තම Forex කියන වචනේ හැදිලා තියෙන්නේ.මම Forex ගැන කියල දෙන්ඩ යන්නේ නැ.මොකද Forex ගැන ලියපු ගොඩක් බ්ලොග් තියනවා.එක නිසා මමත් ලියන එක තේරුමක් නැ.ඔයාලාට  Forex ගැන දැනගන්ඩ ඕනනම් google ගිහින් බලන්ඩ පුළුවන් පොඩි search එකක් දාල.

                ඇත්තටම Forex කියන්නේ තමාගේ එකම රැකියාව Forex කරගෙන ගෙදර ඉදන් මුදල් උපයන්ද පුළුවන් සාර්ථක මගක්.එත් ඉතින් ලොකුවට උපයන්ඩ වගේම ලොකු අවදානමකුත් තියනව කියල මතක් කරන්ඩ ඕනෑ.ලංකාවේ 2008,2009 විතර වෙනකොට ලොකු රැල්ලක් තිබුන Forex ගැන.එක නිසාම හුග දෙනෙක් Forex වලට යොමු උන.එත් එක්කම Forex කියා කියා class.වෙබ් sites වගේම Forex නොමිලේ කියා දෙන බ්ලොග් අඩවිත් හතු පිපෙන්නා වගේ අවා.ඒවගෙන් බහුතරයක් යටි අරමුණු ඇතුව තිබුණු ඒවා උනත් යහපත් අරමුණින් නොමිලේ කියා දෙන sites එහෙමත් තිබුන.කොහොම කොහොම හරි ගොඩක් පිරිසක් කිසිම දැනුමක් නැතුවම Forex කරන්ඩ කියල බැස්සා.නමුත් Forexකියන්නේ ගොඩක් ඉවසීමෙන් දැනගෙන කරන්ඩ ඕනෑ දෙයක්.ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ මොකද උනේ කියල.ගොඩක් එවුන්  ඇන ගත්තා.ගොඩක් අය තමන්ගේ මුදල් දාල loss උනාට පස්සේ බයින එක තම කලේ.ඔය අතරේ මහ බැංකුව බැලුව මෙහෙම ගියත් රටේ සල්ලි පිට ගිහින් තියන නයත් එක්ක නන්නත්තාර ම වෙනවා. මොකද Forex වල profitඑක ගන්න අය බැලුවොත් 5%යි.95% ම loss තමා.එක නිසා මහ බැංකුව තීරණය කල ලංකාව තුල Forex තහනමක් පනවන්න.මොනවා කරන්ඩද කරුමේ තමා .ඉතින් මේ ටික කීවේ නොදන්නා කෙනෙක් ඇති කියල.

Forex වරණය තවමත් තිබේද?


ඇත්තටම ගොඩක් අය හිතුවේ මේ වරණය දිගටම තියෙන්නේ නැති වෙයි කියල.හැමෝම බලන් හිටියේ මේක දියේ ඇදී ඉරක් වෙයි කියල.නැති තැන වැල්ලේ ආදී ඉරක් වෙයිද බැලුව.එත් නැ.ගලේ කොටපු ඉරක්වගේ තාමත් තියනවා.මේකෙන් හරියට කරපු අයටත් ටොපිය ඇදුන.මහ බැංකුව බය උනාට  Forex කියන්නේ නිවැරදි දැනුමක් තුලින් විදෙස් විනිමය හොයන්ඩ පුළුවන් සාර්ථක මගක්.


 
                Forex පිලිබදව ඇහෙන අලුත් කතාව තමා ගොඩක් කණගාටුදායක.මේ දවස් වල paypal නිදහස ගැන කතා කරන අතර වාරයේ. Forex ගැනත් ඇහුන.ඒ ගැන news එක බලන්ඩකෝ.මේ ලින්ක් එකෙන්.රන්දොර site එකේ තියන විදිහට මහ බැංකුවේ ඉහල  නිලදාරියෙක් මේ පිළිබද අනාවරණය කරලා තියනව.




"www.randora.lk-05/06/13)-  ශ්‍රී ලංකාව තුල සිට විදේශ මුදල් වෙළෙදාමේ යෙදෙන හා ප්‍රවර්ධනය කරන පුද්ගලයින් හා ආයතන සොයා මහ බැංකු විනිමය පාලන දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසිය.

ශ්‍රී ලංකාව තුල සිට මෙම Forex Trading සිදු කරන හා ප්‍රවර්ධනය කරන බවට අපට යම් යමි තොරතුරු ලැබි තිබෙනවා.ඒවා සිදු කිරිම හා ඒවා ප්‍රවර්ධනය කිරිමත් විනිමය පාලන පනත අනුව තහනම් ක්‍රියාවක් යැයි හෙතෙම කීය.

ණය පත් භාවිතයෙන් මෙම ගනුදෙනු සිදු කළද බැංකු වල ණය පත් වාර්තාවේ අදාල ගනුදෙනුවේ ස්වරුපය අන්තර්ගත නොවිම නිසා ඒවා පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනිම දුෂ්කර වි ඇති බවද කී ඒ මහතා ඒ කෙසේවෙතත්,පනතේ බලතල අනුව අදාල ආයතන හා පුද්ගලයින් පිළිබඳව තම දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවන බවද කීය.

ඇතැමි වෙබි අඩවි මගින් මේ පිළිබඳව අධ්‍යාපණය ලබා දෙන බවට ප්‍රචාරය ගෙන යන බවත් එසේ තහනම් දෙයක් ඉගැන්විමත් වරදක් බවත් හෙතෙම කීය."






 ඒ කියන්නේ Forex කරන අයට ඒ ආයතන වලට ලොකුවටම වැඩේ පත්තු වෙනද යන්නේ.මොකද තහනම් කරට ඒ අයට Forex කරන Forex Traders ල  අල්ලන්ඩ ක්‍රමයක් නැ. ඒ බව news එකෙත් තියනවා.Forex site ටිකනම් දැන් බොහෝ දුරට වහල.uk වල ඉදන් කරන බ්ලොග් එකක් තිබුන පහුගිය ටිකේ ලොකුවටම.එත් දැන් ඒ site එකත් වැඩ  නැ .. ඕක තම අද ලංකාවේ තත්වේ.

මටනං පෙන්නේ මෙහෙම යනකොට හැමදාම අපි කුණු කොල්ලෙට අපිව හුරන් කන් job එකක් කරගෙන පාඩුවේ ඉන්ඩ තම වෙන්නේ.දැනටත් ලංකාවේ නව නිපැයුම් වගේ දේවල් වලටත් නිල නිල නොවන බලපෑමක් තියනවා. ලංකාවේ තරුණ පරපුරට අලුත් පැති, අලුත් මාවත්, අලුත් වියාපාර හොයාගෙන යන්ඩ තියන ඉඩ අහුරමින් තරුණයාව හිර කරලා දාල. තමන්ගේ පටු අරමුණු සපල කරගන්ඩ වෙර දරන දෙස පාලුවන්ට මේ රට ගිලගන්ඩ බලන් ඉන්න මිත්තියා ආගමිකයන්ට මේ රටේ තමන්ගේ බලය පටුරුවන් ඉන්න වියපාරිකයන්ට ලොකු ජයග්‍රහණයක්. තමන්ගේ රට ගැන ආදරයක් තියනවනම් කරන්ඩ ඕන දේ නෙමේ හැමදාම කරන්නේ.
                 මේ රටෙන් ඉගෙනගත්තු අය රට යනවා කියන එක පුදුමයක් නෙමෙයි මේ වගේ නීති  දාල හිර කරනකොට කාට උනත් එක හිතෙනවා.නමුත් මහ බැංකුවට සාදාරන විදිහට මේ ප්‍රශ්න විසදලා නිකරුනේ මුදල් පිටරට  ගලාගෙන  යන්නෙත් නැතුව ජනය දැනුවත් කරලා පහසුවෙන් විනිමය ගෙන්ඩ පුළුවන් මගක් හදන්ඩ හැකියාව පවතිනවා.අරාබියේ ගිහින් හා දුක් විදලා අපේ කාන්තාවෝ ගෙන වීනිමයට කෙල හල හලා මහලුකුවට් කියවන්නැතුව Forex වගේ දෙයක් කරන්ඩ වීදිමත් ක්‍රමයක් නිර්මාණය කරොත් කොච්චර වටිනවද ගෙඩිය පිටින් තහනම් නොකර.යල් පැනගිය ආකල්ප එක්කනම් කරන්ඩ අමාරුයි.එත් අපි ප්‍රර්ථනා කරමු ඇස්  අරෙවා කියල අනාගතෙදීවත්.
             මේ ලිපිය බලලා Forex ගැන - mark එකක් ගන්ඩ එපා.ඉගෙනගත්තොත් වෙන රටකදී වත් බය  නැතුව කරන්ඩ පුළුවන්.එක අතකින් මෙකාත් 18+ sites වැහුව වගේ තමා.එක කිසි ලෙසකින්වත් සැලෙන්ඩ එපා. දැනට කොල්ලුපිටිය දිහා Forex වලට බොර්කර් ආයතනයක් පටන් ගන්න කතාවකුත් තියනවා.බලමු ඉදිරියට.සුබ දවසක්..........ගිහින් එන්නම්......................................
..............
..................................

               



Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...