Thursday, July 25, 2013

PAYPAL -PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම 2


















Paypal කියන්නේ ලෝකේ තියන ගොඩක් ප්‍රසිද්ද වගේම ගොඩක් අය use කරන site එකක්. paypal පටන් ගත්තේ 1998 දෙසැම්බර් වල . එදා ඉදන් මේ වෙනකොට ලොකු තැනකට අපු american company එකක් .දැනට paypal වල අයිතිය තියෙන්නේ අපි කවුරුත් දන්නා EBAY .INC ආයතනයට.මෙයාලගේ ලියාපදිංචිය තියෙන්නේ
2211 North First Street
San Jose, California 95131 වල මෙයාලගේ ලෝකේ වටේම තියන ශාකා ගණන 21 වෙනවා.ඒ වගේම අපිට ලගම පොට් එක සිංගප්පුරුවේ පිහිටලා තියනවා. මෙයාල එයාල ගැන පම්පෝරි ගහල තියෙන්නේ මේ විදිහට.

""PayPal is the faster, safer way to pay and get paid online, via a mobile device and in store. The service gives people simpler ways to send money without sharing financial information, and with the flexibility to pay using their account balances, bank accounts, credit cards or promotional financing. With 128 million active accounts in 193 markets and 25 currencies around the world, PayPal enables global commerce, processing more than 7.6 million payments every day. Because PayPal helps people transact anytime, anywhere and in any way, the company is a driving force behind the growth of mobile commerce and expects to process $20 billion in mobile payments in 2013. ""

 ක්‍රියාකාරී ගිණුම් මිලියන 128 ක්,රටවල් 193 පුරාවටම මුදල් එකක 25 එක්ක දවසක මුළු ගනුදෙනු ප්‍රමාණය මිලියන 7.6 ක් වෙනවා. ඔයාලට හිතාගන්ඩ පුළුවන් එටකොට paypal වල තත්වේ කොහොමද කියල.

 ඔබ අන්තර්ජාලයේ ගනුදෙනු කරනවානම් paypal ගිණුමක් අනිවාර්යෙන්ම ඕන වෙනවා. මොකද දැනට ලෝකයේ වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් වෙන්නේ paypal ල හරහා. හරි  එහෙනම් මම මුලින්ම paypal වල register වෙන හැටි බලමු. මම මුල ඉදන් සේරම කියල දෙන්නම්.මොකද දන්නැති අයත් ඉන්ඩ පුළුවන්නේ.
හරි එහෙනම් මේ banner එක click කරන්ඩ .

එටකොට ඕපන් වෙන්නේ paypal main page එක. එකේ උඩම දකුණු කොනේ තියනවා sign up කියල එකක් එක click කරන්ඩ.
ආ පොඩි දෙයක් කියන්ඩ බැරි උනා.පොඩි කීවට පොඩිත් නැ.වැදගත්ම දේ තම paypal හරහා අපි ලංකාවෙන් පිටට සල්ලි ගත්තට ලංකාව ඇතුලට සල්ලි ගෙන්නන්ඩ තාම අවසර නැ කියන එක.ඒ සදහා මේ වන තෙක්ම මහා බැංකුව නීති සම්පාදනය කර නොතිබීම තමා මේකට හේතුව.කණගාටු වෙන්ඩ එපා මහා බැංකුවෙන් දැන්නම් කියල තියෙන්නේ paypal සදහා සම්පුර්න නිදහස දෙනවා කියල.දැනටමත් ඒ සදහා වැඩ කටයුතු කරනවලු.මම හිතන්නේ ලගදීම අපට ඒ නිදහස හම්බෙයි.ඔය මොනවා නැතත් අපේ  යාලුවොනන් මේ වෙනකන් paypal වලින් ලංකාවට සල්ලි ගත්තා පොඩි හොර වැඩක් දාලා.මලයාසිය විදිහට හදල. ඔයාල ඒ විදිහට ලියාපදිංචි වෙන්ඩ හිතනවානම් දැන් රෙගිස්ටෙර් වෙන්ඩ එපා.හැබැයි දැන් මලයාසිය වලට වාරණයක් දාල කියල ආරංචි..මේ දවස්වල පිලිපීන් වලට තමා හදන්නේ.ඒ ගැන බ්ලොග් ගොඩක් ලියපුවා තියනවා.පොඩ්ඩක් හොයල බලන්ඩ.
මම කියන්නේ 100% නීත්‍යනුකුල විදිහට හදන ක්‍රමය.මොකද ලගදී නිදහස දුන්නොත් ඔය අවුල ඉවරනේ.
sign up ගියාට පස්සේ Your country or region කියල box එකක් එයි.එකේ ලංකාව තොරන්ඩ . ඊළගට PayPal Account Type එක තොරන්ඩ  ඇති.මෙන්න බලාගන්ඩ  type ටික.


බලල තමන්ට ගැලෙපෙන එකක් තොරගන්ඩ.සමන්නියෙන් ගොඩක් අයට Personal හොදටම ඇති නිසා මමත් Personal ගැන කියල දෙන්නම්.හරි දැන් get start කියන button එක click කරන්ඩ. දැන් ඔයාලට ඇවිත් ඇති Enter your information කියල page එකක්. ගොඩක් වැදගත් මේ පියවර ටික. addres bar එක බලන්ඩ https://www.paypal.com/lk/cgi-bin/we.............. මේ විදිහේ එකක්ද කියල.දැන් මේ form එක පුර්වන්ඩ තියෙන්නේ.මේවට ඔයාලගේ ඇත්තම තොරතුරු දෙන්ඩ බොරු දෙන්ඩ එපා. Email address එකට අලුතින් හදාගත්ත එක දෙන්ඩ.මේ විස්තර වෙන තැනක type කරලා past කරනවානම් ගොඩක් හොදයි.නම් ඔයාගේ බැංකු පොතේ විදිහට තොරතුරු දෙන්ඩ. ඒ විදිහට නිවැරදිව පුරවද ඉතුරුවත්. ලිපිනයට ඔබගේ තැපැල් ලිපිනය දෙන්ඩ. Postal code එක ඔයාලගේ තැපැල් කන්තෝරුවෙන් දැනගන්ඩ පුළුවන්.එහෙම නැත්තන් මෙතැනින් බලා ගන්ඩකෝ.
Link my credit card so I can start shopping right away (recommended) එකට ටික් එක දාලා card විස්තර දෙන්ඩ. CSC කියන්නේ card එකේ back side එකේ අත්සනට දකුණු පැත්තේ තියන ඉලක්කම් 3 . හරි දැන් සේරම පුරවල ඉවරයිනම් agree කරන්ඩ.
දැන් ඔයාගේ Email එකට එන msg එක තියන ලින්ක් එකෙන් ලොග් වෙන්ඩ.
දැන් acount එක හදල ඉවරයි.දැන් තමා ලොකුම වැඩේ තියෙන්නේ.

Verify your payapal credit card or debit card


               දැන් හොදට බලන්ඩ ඔය add කරපු card එක unverify  කියලා ඇති Status වල. එකට ගියහම කියයි 100$ limit එකක් තියනවා. limit එක අයින් කරගන්ඩ verify කරන්ඩ කියල.ඒ වගේම verify එක 1.95$ විතර එයාල කපා ගන්නවා.
මුලුන්ම card එක internet active කරගෙන verify my card කියල ලින්ක් එකක් ඇති එක click කරන්ඩ.දැන් අර  1.95$  ඔයාගේ card එකෙන් කැප ගත්තා කියල කියයි.දැන් ඉතින් computer එක off කරලා හොද හුස්මක් අරන් දවස් 4 කින් විතර ඔයාගේ බෑන්ක් card center එකට call එකක් දීල paypal verification cord එක ඉල්ලගන්ඩ.digit 4ක් cordඑකක් හම්බෙයි.එක paypal එකේ card verify වලට දෙන්ඩ.දැන් ok කරන්ඩ.ඔයාල වැඩේ හරියට කරනම් ඔයාගේ account එක verifyed කියල පෙන්නයි. ඒ වගේම ඔයාගේ card එකෙන් කැපුණු සල්ලිත් අපහු ඔයාගේ ගිණුමට බැර වෙලා තියෙයි දවස් 2 කින් විතර . දැන් ඉතින් හිතේ හැටියට තමන්ගේ වැඩේ කරගන්ඩ තියෙන්නේ.  ඔයාලට profile වලට ගිහින් ඔයාගේ bank account එක උනත් කෙලින්ම add කරන්ඩ පුළුවන් .swift cord එකක් ඉල්ලයි bank එකට call කරලා අහගන්ඩ.
 ඔයාලට paypalලගේ  fees ගැන දැනගන්ඩ ඔන්නනම් මෙන්න  මෙතනින් දැනගන්ඩ. මම පහල දලත්  තියනවා.


මෙතන withdrawal fees නැත්තේඇයි කියල බලනවා ඇති.මම කලින් කීවෙ ලංකාවට withdrawal කරන්ඩ තම හැකියාවක් නැ කියල.එහෙනම් ඉතින් මම මටක ව්දිහට step එහෙම දුන්නේ යාලුවනේ.මොකද මම දැන් paypal හදල අවුරුදු 4 ක් විතර මට step හරියටම මතක නැ.මොකක හරි අවුලක් අවොත් comment කරන්න. ඊළගට තවත්  PAYMENT PROCESSORS කෙනෙක් ගැන ලියන්නම්.
PAYMENT PROCESSORS  ගැන පළමු ලිපිය බලපු නැති අය මෙතනින් බලන්ඩ.හැමෝටම සුබ දවසක්.

4 comments:

  1. මචං මං ලංකාවෙ විදිහට paypal account එක හදල තියෙන්නෙ. refund ආවොත් ලංකාවෙ බැංකු account එකට ගන්න බැරි උනත් paypal එකට හරි එනව නෙ? එහෙම ආවොත් ඒ සල්ලි වලින් ආයෙ ගනුදෙනු කරන්න පුලුවන් නෙ? පුලුවන් ඉක්මනට දන්න කෙනෙක් කියන්න කො. ebay seller ට reply කරන්න බැරුව ඉන්නෙ ඒ ගැන නොදැන.

    ReplyDelete
  2. It is a great website.. The Design looks very good.. Keep working like that!.
    high risk payment processors

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.

Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...