Monday, July 29, 2013

PAYZA-PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම #3








කොහොමද යාලුවනේ.ඔන්න මම පොරොන්දු උනා වගේම 3 වෙනි ලිපියත් ලියන්න යන්නේ. PAYMENT PROCESSORS ගැන හැදින්වීමේ ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඉස්සරලා එක බලලම එන්ඩකෝ මෙතැනින්.
හරි එහෙනම් අද මම කියන්න යන්නේ තවත් paypal වගේම ගොඩක් ජනප්‍රිය, ඒ වගේම ගොඩක් වැදගත් PAYMENT PROCESSOR එකක් ගැන.ඒ තමයි PAYZA. ගොඩක් දෙනෙක් අහලත් ඇති මේ ගැන.Payza කලින් තිබුනේ AlertPay නමින්. 2012 තමයි AlertPay, Payza  උනේ.මෙයාලගේ වර්තමාන තත්වය ලොකු තැනක තියනවා.Payza වල මවු ශාකාව පිහිටලා තියෙන්නේ මෙන්න මේ ලිපිනයේ.
MH Pillars Ltd.
2 London Wall Buildings
London EC2M 5UU
United Kingdom
  මෙයාලගේ ශාකා පිහිටලා තියනවා Georgia,Canada,Sweden,Russia කියන රට වල.ඒ වගේම මෙයාලගේ ගනුදෙනු ප්‍රමාණය  paypal වලට දෙවෙනි වෙන්නෙත් නැ.බලන්ඩ මේ විස්තරේ.

With over 9 million members, Payza offers its services in 197 countries and in 21 different currencies. Payza is proud to provide its merchants around the globe a complete solution for accepting payments and managing their businesses. In addition, Payza offers foreign exchange services, fraud screening services, email invoicing, mass and single remittances and business management tools. Payza also provides under-serviced and emerging markets with an affordable and convenient way to receive international payments, thereby bolstering local economies in a global marketplace.

   ගොඩක් වෙලාවට paypal suport නොකරන site වල ගනුදෙනු කිරීමේදී අනිවාර්යෙන්ම අපිට උඩු වෙන්නේ Payza.මොකද අඩුම තරමේ  paypal හෝ Payza යන 2න් එකක්වත් 98% site වල බාවිතා වෙනවා.ඒ සදහා ගොඩක් බලපාන්නේ මෙයාල දෙන service එක ඒ වගේම මෙයාල charge කරන fees ඉස්තාපනය කරලා තියන රටවල් වගේ දේවල්.paypal වගේම ඔයාලට Payza වලදීත්  localized bank transfers, global bank wires, credit/debit card, checks, prepaid cards ආදී සියලුම පහසුකම් අත් විදින්ඩ පුළුවන්.මේකෙදි වැදගත්ම වෙන්නේ paypal වල නොදුන්නට අපිට Payza හරහා කෙලින්ම ලංකාවට මුදල් ගෙන්වා ගන්ඩ පුළුවන්.හරි එහෙනම් මුලින්ම රෙගිස්ටෙර් වෙලා ඉමු.දන්නැති අයත් ඉන්ඩ පුලුවනේ එක නිසා මම පියවරෙන් පියවර කියල දෙන්නම්. හරි එහෙනම් මුලුන්ම site එකට යන්ඩකෝ මෙතනින්.



site එකට ගියහම මෙන්න මේ වගේ page එකක් එයි.

එකේ දකුණු පැත්තේ උඩම sign up කියල button එකක් ඇති එක click කරන්ඩ. ඊළගට ඔයාලට එයි මෙන්න මේ වගේ page එකක්.

Select your country කියන තැනට ශ්‍රී ලංකා කියල දෙන්ඩ.ඔයාලට දීල ඇති starter ,personal,business කියල type 3 ක් ඒවා පහලින් දාල තියන chart එක බලල ඔයාලගේ බාවිතයට ගැලෙපන එකක් select කරන්ඩ .


 මේ ගැනත් සැලකිලිමත් උනාද?

දැන් ඔයලට අයුලක් ඇති සමහර විට මේ type වල වෙනස මොකක්ද . කෝකද තෝරාගන්නේ කියල. කෙලින්ම  business  එකක් ගත්තනම් හරිනේ.එක full option නේ අනික නිකන් දෙන එකනේ කියල. හරි එහෙනම් සේරෝටම කලින් මේක බලල ඉන්ඩකෝ.මේ තියෙන්නේ ලංකාවට බලපාන මෙයාලගේ fees. 



හරි මම හිතනවා එහෙනම් ප්‍රස්නේ විසදුනා කියල එහෙනම් ඔයාලා කැමැති type එකක් දැන් select කරන්දකෝ.දැන් ඉතින් මම මුල්ම ලිපියේ කියපු විදිහට මේ විස්තර පුරවන්ඩ තියෙන්නේ.මුල් ලිපිය බලල නැත්තම් සේරෝටම කලින් එක බලල එන්ඩ.නැත්තන් පස්සේ අපරාදේ කියල හිතෙයි.
ඔයාලට මේ පහල තියනවා වගේ page එකක්නේ ඇවිත් තියෙන්නේ.ඔකේ විස්ටර හරියටම දෙන්ඩ .සේරම step 3ක් තියනවා.
තව දෙයක් තියනවා.ඔයාලගෙන් 2වෙනි step එකේදී Transaction PIN එකක් ඉල්ලයි.
Your Transaction PIN is an extra layer of security. You will be asked to enter it before completing a transaction or deleting important account information.

 එකට මතක තියන number එකක් දෙන්ඩ.ඔයාලගෙන   transaction වලදී අහයි සමහර වෙලාවට.Security Question එකත් දීල next කරන්ඩ.දැන් ඔයාලට E mail එක verify කරන්ඩ කියයි.ඔයා දුන්න mail එකේ inbox එකට mail එකක් ඇවිත් ඇති එකේ තියන ලින්ක් එකෙන් ලොග් වෙන්න. හරි දැන් ඔයා register වෙලා ඉවරයි.හැබැයි තව පොඩි වැඩක් කරන්ඩ තියනවා. ඔයාලගේ page එකේ උඩම දකුණු පැත්තේ නම තියන තැන ඇති unverified කියල.ඒ කියන්නේ තව verify එකක් තියනවා කියන එක.
ඔයාල credit card එකක් add කරගත්තේ නැත්තම් මේ පියවර අනුගමනය කරන්නඩ .my payza account කියන තැන තියන ඊතලය click කරලා එන මෙනු එකෙන් Manage my money යටතේ තියන my credit card කියන තැන ච්ලිච්ක් කරලා විස්තර දෙන්ඩ.my bank account කියන තැනට ගිහින් කැමතිනම් bank account එක දෙන්දත් පුළුවන්.


හරි  එහෙනම් අපි දැන් බලමු card එක කොහොමද verify කරන්නේ කියල.unverified කියල තියන තැන click කරන්ඩ.එටකොට එනවා ඔයාගේ verify කරන්ඩ තියන option එක .Credit Card Validation කියල එකක් ඇති එක උඩ click කරන්ඩ.දැන් ඔයාගේ card information ඇති එතන Validate Card කියන link එක click කරන්ඩ. දැන් ඔයාලට verify කරන්ඩ ක්‍රම 2ක් තියනවා.කැමැති 1 ඉදිහකින් කරන්ඩ පුළුවන්.


  • Validate by Authorization Form

මේකෙදි files 3 ක් upload කරන්ඩ විතරයි තියෙන්නේ.
1.රෙගිස්ටෙර් වෙනකොට දුන්නු Authorization Form එකේ print එකක් අරන්  bank එකේ නිලදරියෙක්ගෙන්  අස්සන් කරගෙන  sacn කරලා upload කරන්ඩ.ඔයාගේ Authorization Form එක ගන්ඩ  Validate by Authorization Form කියන box එකේ තියන  Authorization Form කියන ලින්ක් එක click කරන්ඩ.ඒ එන ෆෝරම් එකේ ප්‍රින්ට් එකක් ගන්ඩ.
2.ඔයාගේ card එකේ ඉදිරි පෙනුම scan එකක්.
3.card එකේ පසුපස පෙනුමේ scan එකක්.
 ඔය 3 upload කරපුවහම ටික වෙලාවකින් verify කරයි.


  • Validate by Charge
මේ ක්‍රමය අපි paypal වල විදිහම තමයි.මුලින්ම 1$-2$ අතර ගානක් ඔයාගේ card එකෙන් charge වෙනවා.ඔයා bank එකට කතා කරලා charge උන ගාන අහගෙන site එකට දෙන්ඩ ඕන.හරිම සරලයි.කරන්ඩ ඕන මුලින්ම Validate by Charge box එකේ තියන validated your credit card කියන එක click කරන්ඩ.දැන් ඔයාගේ card එකේ cvv number එක දෙන්ඩ.cvv කියන්නේ card එකේ පිටිපස්සේ අස්සන ගාව තියන digit 3 .check box එක mark කරලා next කරන්ඩ.දැන් ඔයාලට massage එකක් එයි card එකෙන් සල්ලි කැපුන ඒ කැපුණු  ගාන USD කීයද කියල .දැන් ඔයාගේ bank account එක තියන branch එකට කතා කරලා අන්තිමට කැපුණු ගනන අහගන්ඩ ඕන.හැබැයි ඉතින් උන් කියන්නේ රුපියල් වලින්.උන්ගෙන USD වලිනුත් ගාන අහගන්ඩ. අහගෙන bank එකේ site එකට ගහින් අද දවසේ උන්ගේ USD selling rate එක බලලා ඔයා තනියමත් හදන්ඩ.දැන් බලන්ඩ බැංකුවෙන් කියපු ගානයි ඔයාට අපු පිළිතුරයි සමානද කියල.හරියටම බලල ගාන දෙන්ඩ.මටක තියාගන්ඩ ඔයාලට චාන්ස් 3යි දෙන්නේ.වරද්දගන්ඩ එපා.හරි වැඩේ හරියට කලානම් මෙහෙම massage එකක් එයි.

හරි එහෙනම් ඔයාගේ Payza එක සම්පුර්න ලියාපදිංචි කරලා ඉවරයි.දැන් ඔයාට ලොකු ලිමිට් එකක් තියනවා මාසිකව.පොස්ට් එක ගොඩක් දිග වැඩි උනා.සරලවම ලියපු හන්ද හැම අස්සක් මුල්ලක් නැරම ලියුවා.එහෙනම් ගැටළු තියනවනම් comment එකක් දණ්ඩ.ඊලග PAYMENT PROCESSORS එක විදිහට MB ගැන ලියන්නම්.MB කියන්නේ ජර්මන් පොරක්.බලමු උගේ වැඩ කොහොමද කියල.

ඒ වගේම අලුතෙන් පලවන ලිපි ගැන E mail එකක් ගන්ඩ ඔයාලගේ E mail එක submit කරලම යන්ඩ.ගියාට කමක් නැ. හැබැයි අයෙත් එන්ඩ.දැන් මම දිගටම බ්ලොග් ලියනවා.එහෙනම් සුබ දවසක් යාලුවනේ. ....................

Thursday, July 25, 2013

PAYPAL -PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම 2


















Paypal කියන්නේ ලෝකේ තියන ගොඩක් ප්‍රසිද්ද වගේම ගොඩක් අය use කරන site එකක්. paypal පටන් ගත්තේ 1998 දෙසැම්බර් වල . එදා ඉදන් මේ වෙනකොට ලොකු තැනකට අපු american company එකක් .දැනට paypal වල අයිතිය තියෙන්නේ අපි කවුරුත් දන්නා EBAY .INC ආයතනයට.මෙයාලගේ ලියාපදිංචිය තියෙන්නේ
2211 North First Street
San Jose, California 95131 වල මෙයාලගේ ලෝකේ වටේම තියන ශාකා ගණන 21 වෙනවා.ඒ වගේම අපිට ලගම පොට් එක සිංගප්පුරුවේ පිහිටලා තියනවා. මෙයාල එයාල ගැන පම්පෝරි ගහල තියෙන්නේ මේ විදිහට.

""PayPal is the faster, safer way to pay and get paid online, via a mobile device and in store. The service gives people simpler ways to send money without sharing financial information, and with the flexibility to pay using their account balances, bank accounts, credit cards or promotional financing. With 128 million active accounts in 193 markets and 25 currencies around the world, PayPal enables global commerce, processing more than 7.6 million payments every day. Because PayPal helps people transact anytime, anywhere and in any way, the company is a driving force behind the growth of mobile commerce and expects to process $20 billion in mobile payments in 2013. ""

 ක්‍රියාකාරී ගිණුම් මිලියන 128 ක්,රටවල් 193 පුරාවටම මුදල් එකක 25 එක්ක දවසක මුළු ගනුදෙනු ප්‍රමාණය මිලියන 7.6 ක් වෙනවා. ඔයාලට හිතාගන්ඩ පුළුවන් එටකොට paypal වල තත්වේ කොහොමද කියල.

 ඔබ අන්තර්ජාලයේ ගනුදෙනු කරනවානම් paypal ගිණුමක් අනිවාර්යෙන්ම ඕන වෙනවා. මොකද දැනට ලෝකයේ වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් වෙන්නේ paypal ල හරහා. හරි  එහෙනම් මම මුලින්ම paypal වල register වෙන හැටි බලමු. මම මුල ඉදන් සේරම කියල දෙන්නම්.මොකද දන්නැති අයත් ඉන්ඩ පුළුවන්නේ.
හරි එහෙනම් මේ banner එක click කරන්ඩ .

එටකොට ඕපන් වෙන්නේ paypal main page එක. එකේ උඩම දකුණු කොනේ තියනවා sign up කියල එකක් එක click කරන්ඩ.
ආ පොඩි දෙයක් කියන්ඩ බැරි උනා.පොඩි කීවට පොඩිත් නැ.වැදගත්ම දේ තම paypal හරහා අපි ලංකාවෙන් පිටට සල්ලි ගත්තට ලංකාව ඇතුලට සල්ලි ගෙන්නන්ඩ තාම අවසර නැ කියන එක.ඒ සදහා මේ වන තෙක්ම මහා බැංකුව නීති සම්පාදනය කර නොතිබීම තමා මේකට හේතුව.කණගාටු වෙන්ඩ එපා මහා බැංකුවෙන් දැන්නම් කියල තියෙන්නේ paypal සදහා සම්පුර්න නිදහස දෙනවා කියල.දැනටමත් ඒ සදහා වැඩ කටයුතු කරනවලු.මම හිතන්නේ ලගදීම අපට ඒ නිදහස හම්බෙයි.ඔය මොනවා නැතත් අපේ  යාලුවොනන් මේ වෙනකන් paypal වලින් ලංකාවට සල්ලි ගත්තා පොඩි හොර වැඩක් දාලා.මලයාසිය විදිහට හදල. ඔයාල ඒ විදිහට ලියාපදිංචි වෙන්ඩ හිතනවානම් දැන් රෙගිස්ටෙර් වෙන්ඩ එපා.හැබැයි දැන් මලයාසිය වලට වාරණයක් දාල කියල ආරංචි..මේ දවස්වල පිලිපීන් වලට තමා හදන්නේ.ඒ ගැන බ්ලොග් ගොඩක් ලියපුවා තියනවා.පොඩ්ඩක් හොයල බලන්ඩ.
මම කියන්නේ 100% නීත්‍යනුකුල විදිහට හදන ක්‍රමය.මොකද ලගදී නිදහස දුන්නොත් ඔය අවුල ඉවරනේ.
sign up ගියාට පස්සේ Your country or region කියල box එකක් එයි.එකේ ලංකාව තොරන්ඩ . ඊළගට PayPal Account Type එක තොරන්ඩ  ඇති.මෙන්න බලාගන්ඩ  type ටික.


බලල තමන්ට ගැලෙපෙන එකක් තොරගන්ඩ.සමන්නියෙන් ගොඩක් අයට Personal හොදටම ඇති නිසා මමත් Personal ගැන කියල දෙන්නම්.හරි දැන් get start කියන button එක click කරන්ඩ. දැන් ඔයාලට ඇවිත් ඇති Enter your information කියල page එකක්. ගොඩක් වැදගත් මේ පියවර ටික. addres bar එක බලන්ඩ https://www.paypal.com/lk/cgi-bin/we.............. මේ විදිහේ එකක්ද කියල.දැන් මේ form එක පුර්වන්ඩ තියෙන්නේ.මේවට ඔයාලගේ ඇත්තම තොරතුරු දෙන්ඩ බොරු දෙන්ඩ එපා. Email address එකට අලුතින් හදාගත්ත එක දෙන්ඩ.මේ විස්තර වෙන තැනක type කරලා past කරනවානම් ගොඩක් හොදයි.නම් ඔයාගේ බැංකු පොතේ විදිහට තොරතුරු දෙන්ඩ. ඒ විදිහට නිවැරදිව පුරවද ඉතුරුවත්. ලිපිනයට ඔබගේ තැපැල් ලිපිනය දෙන්ඩ. Postal code එක ඔයාලගේ තැපැල් කන්තෝරුවෙන් දැනගන්ඩ පුළුවන්.එහෙම නැත්තන් මෙතැනින් බලා ගන්ඩකෝ.
Link my credit card so I can start shopping right away (recommended) එකට ටික් එක දාලා card විස්තර දෙන්ඩ. CSC කියන්නේ card එකේ back side එකේ අත්සනට දකුණු පැත්තේ තියන ඉලක්කම් 3 . හරි දැන් සේරම පුරවල ඉවරයිනම් agree කරන්ඩ.
දැන් ඔයාගේ Email එකට එන msg එක තියන ලින්ක් එකෙන් ලොග් වෙන්ඩ.
දැන් acount එක හදල ඉවරයි.දැන් තමා ලොකුම වැඩේ තියෙන්නේ.

Verify your payapal credit card or debit card


               දැන් හොදට බලන්ඩ ඔය add කරපු card එක unverify  කියලා ඇති Status වල. එකට ගියහම කියයි 100$ limit එකක් තියනවා. limit එක අයින් කරගන්ඩ verify කරන්ඩ කියල.ඒ වගේම verify එක 1.95$ විතර එයාල කපා ගන්නවා.
මුලුන්ම card එක internet active කරගෙන verify my card කියල ලින්ක් එකක් ඇති එක click කරන්ඩ.දැන් අර  1.95$  ඔයාගේ card එකෙන් කැප ගත්තා කියල කියයි.දැන් ඉතින් computer එක off කරලා හොද හුස්මක් අරන් දවස් 4 කින් විතර ඔයාගේ බෑන්ක් card center එකට call එකක් දීල paypal verification cord එක ඉල්ලගන්ඩ.digit 4ක් cordඑකක් හම්බෙයි.එක paypal එකේ card verify වලට දෙන්ඩ.දැන් ok කරන්ඩ.ඔයාල වැඩේ හරියට කරනම් ඔයාගේ account එක verifyed කියල පෙන්නයි. ඒ වගේම ඔයාගේ card එකෙන් කැපුණු සල්ලිත් අපහු ඔයාගේ ගිණුමට බැර වෙලා තියෙයි දවස් 2 කින් විතර . දැන් ඉතින් හිතේ හැටියට තමන්ගේ වැඩේ කරගන්ඩ තියෙන්නේ.  ඔයාලට profile වලට ගිහින් ඔයාගේ bank account එක උනත් කෙලින්ම add කරන්ඩ පුළුවන් .swift cord එකක් ඉල්ලයි bank එකට call කරලා අහගන්ඩ.
 ඔයාලට paypalලගේ  fees ගැන දැනගන්ඩ ඔන්නනම් මෙන්න  මෙතනින් දැනගන්ඩ. මම පහල දලත්  තියනවා.


මෙතන withdrawal fees නැත්තේඇයි කියල බලනවා ඇති.මම කලින් කීවෙ ලංකාවට withdrawal කරන්ඩ තම හැකියාවක් නැ කියල.එහෙනම් ඉතින් මම මටක ව්දිහට step එහෙම දුන්නේ යාලුවනේ.මොකද මම දැන් paypal හදල අවුරුදු 4 ක් විතර මට step හරියටම මතක නැ.මොකක හරි අවුලක් අවොත් comment කරන්න. ඊළගට තවත්  PAYMENT PROCESSORS කෙනෙක් ගැන ලියන්නම්.
PAYMENT PROCESSORS  ගැන පළමු ලිපිය බලපු නැති අය මෙතනින් බලන්ඩ.හැමෝටම සුබ දවසක්.

Wednesday, July 24, 2013

PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම




                           








 හැමෝටම සුබ දවසක් යාලුවනේ. හුගක් දවසකින් බ්ලොග් එකක් ලියන්ඩ බැරි උනා.ඉස්සරහහට වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න හිතන් ඉන්නවා.බලමු.වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනම්. අද මම කියන්ද හදන්නේ ගොඩක් නෙට් එකේ මුදල් ගනදෙනු කරන අයට වැදගත් දෙයක් ගැන.  PAYMENT PROCESSORS .මම PAYMENT PROCESSORS ගැන ලියන්න හිතුවේ මම ගිය ටිකේ ගත්ත අත්දැකීම් ඔයලාටත් වැදගත් වෙයි කියල හිතපු හන්ද.මම ගිය ටිකේ සැහෙන කට්ටක් කෑවා මේ ගැන හොයන්ඩ.මට සල්ලි වගයක් transfer ඔන වෙලා බලපුවහම යවන්ඩ පුළුවන් PAYMENT PROCESSORS ලා සමානියෙන් හුරු පුරුදු නොවන ඒ වගේම free එක ගොඩක් වැඩි අය.ඉතින් මම PAYMENT PROCESSORS ගොඩක් හවුල් කරගෙන ලොකු mission එකකින් පස්සේ තමා මගේ වැඩේ කරගත්තේ. සමානියෙන් අනිකේ web site use කරනවා වගේ නෙමේ PAYMENT PROCESSOR SITE use කරන්ඩ කලින් verify කරන්ඩ ඕන. ලොකුම කෙස් එක ඕක කරන්ඩ  දවස් 2-10 අතර  වත් යනවා. මට මගේ වැඩේ සති 2ක් විතර පරක්කු කරන්ඩ උනා ඔය verify seen එක හන්ද.හරි වල්පල් නැතුව වැඩේට බහිමු. PAYMENT PROCESSORS ගැන ගොඩක් ලිපි  තියනවා මම දැක්කා එත් අංග සම්පුර්න ලිපියක් මට අහු උනේ නැ.එක නිසා මම 0 ඉදන් සම්පුරණ විස්තරේ ලියන්ඩ හිතවා.

PAYMENT PROCESSORS කියන්නේ මොනවද.

                  PAYMENT PROCESSORS කියන්නේ internet එක හරහා මුදල් ගනු දෙනු කරන්ඩ පුළුවන් website වලට කියන නම.මේ site online bank එකක් විදිහට,  online money transfer කරන්ඩ, online payment කරන්ඩ,නැත්තම් ඔයාල E- money වලින් හොයන මුදල් අතට ගන්ඩ වගේ වැඩ වලට යොදගන්ඩ වෙනවා . මෙයlලා හරහා මුදල් ගනුදෙනු කරනකොට එකිනෙකට වෙනස් Conditions තියනව.ඒ වගේම මෙයාල අයකරන service fees එක්කනගෙන් එක්කනට වෙනස්. සමහර අයට මේ වගේ site දැම්ම වැඩක් නැනේ. කියල හිතෙයි ඕක මොකද්ද ඕන උනහම සුටුස් ගලා register වෙනවා කියල හිටන්යි.එත් මමනම් කියන්නේ ඔයාල 18 පැන්නහම id passport හදනවා වගේ මේ site වලත් account හදල verify කරලා තියනවනම් හොදයි කියල . මොකද ලොකු හදිස්සියක් වෙලා මේවා හදන්ඩ ගියොත් වැඩේ ඇනෙනවා.මොකද මේවා හදිස්සියේ කරන්ඩ පුළුවන් වැඩ නෙමේ.ඔයාලට ගොඩක් හුරු පුරුදු එක site එකක් තමා paypal කියන්නේ.ඔය වගේ site සැහෙන ගානක් තියනවා.මම ඒ site වලින්  ගොඩක් වැදගත් නිතරන use කරන site ටිකක් දෙන්නම් හැම පැත්තම cover වෙන විදිහට.කනගාටුවෙන් උනත් කියන්ඩ වෙනවා මේක internet එකනේ.ඒ නිසා   spam site එහෙමත් නැතුව නෙමෙයි.ඒ වගේම ඔබේ user name password උස්සන්ඩ් බලන් ඉන්න හොරුත් සහෙන්ද ඉන්නවා.

PAYMENT PROCESSORS එක්ක වැඩ කරනකොට දැනගෙන සිටිය යුතු වැදගත් කරුණු.


  • ගිණුමේ ආරක්ෂාව-ඔබ ගනු දෙනු කරන්නේ මුදල් එක්ක නිසා  ලොකු ආරක්ෂාවක් තියෙන්ඩ ඕන.එක නිසා කවදාවත් මේ වගේ site වලට ලොග් වෙද්දී site වල register වෙද්දී username passwaord,card numbers වගේ දේවල් කෙලින්ම type කරන්ඩ එපා. කලින් ඔයාගේ විස්තර notepad එකක type කරලා තියාගෙන copy කරලා අදාල තැනට past කරන්ඩ.මේක ගොඩක් වැදගත්. මොකද ඔබගේ දැනුවත් බාවයකින් තොරව ඔබගේ පරිගණකයේ ඔත්තු බලන පොඩි පොඩි app,add-ons,toolbars වගේදේවල් ඉන්ස්ට්‍රෝල් වෙලා තියෙන්ඩ පුළුවන්.මේකෙදි වෙන්නේ ඔයා  user name password type කරන අවස්ථාවල press වෙන key ටික app එකෙන් බලන් ඉදල Screen shot එකක් එක්ක එක්ක මහා හොරට E mail කරන එක.එටකොට වෙන දේ හිතා ගඳ පුළුවන්නේ. අනික තමයි ඔයාගේ mail inbox එකට එන මේල් වලින් කවදාවත් PAYMENT PROCESSOR site එකට ලොග් වෙනද යන්ද එපා. mail එක ස්පෑම් එකක් උනොත් sorry ම තමා. දැන් බයවෙන්ද කාරණාවක් නැ.ඔයාගේ ඇන්ටි වයිරස් එකක් තියනවනම් හුගක් වෙලාවට මේවා  අල්ලනවා. වැඩි හොදට ඔහොමත් කරන්ඩ. අනික් වැදගත් කාරණාව තමයි PAYMENT PROCES  siteඑකට log in වෙන page එකේ  adderss bar එකේ https:// කියල තියෙන්ඩ ඕන ඉබ්බෙකුත් එක්ක.. එහෙම  නැත්තන් ඔබේ විස්තර දෙන්ඩ එපා.එක එකම නමින් තියන ස්පෑම් එකක් වෙන්ඩ පුළුවන්.ඒ වෙලාවට restart කරන්ඩ page එක.  අලුත්  Email එකක් තියනවනම් හොදයි PAYMENT PROCES SITE වලට වෙනමම. එකම ip එකකින් ලොග් වෙන එකත් ගොඩක් හොදයි.ඔබගේ පුද්ගලික පරිගණකයකින් පමණක් ලොග් වෙන්න.
  • මම කලින් කීව වගේ මෙයාලගේfees එක ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්.
  • අනික තමයි Privacy Policy,Terms & Conditions,වගේ දේවල් දැනගන්න එකත් ගොඩක් වැදගත් ගනුදෙනු වලට කලින්
  • අනික තමයි මෙයාල ගන්න transfer time එක.
  • ලංකාවට support කරනවද කියන එක.


හරි එහෙනම් මුලුන්ම මේ ලිපි ගොනු ටික ලස්ටි කරගන්ඩ ඕන register වෙන්ඩ කලින් 


  • බැංකු ගිණුමක්
  • credit හෝ debit card පතක්- -ලංකාවේ නෙට් පේමන්ට් වලට suport කරන්නේ Hatton National Bank,Commercial Bank,සහ sampath web card පමණයි.මේ බෑන්ක් 3න් එකක card එකක් හදන මතක ඇතුව නෙට් payement active කරගන්ඩ.මගේ card එක hnb මම පේමන්ට් කරන්ඩ ඕන වෙලාවට call එකක් දීල active කරගන්නවා.එක හැම අතින්ම හොදයිනේ.
  • ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි දෙයක scan copy එකක්. මෙන්න මෙවන් එකක් තමා ඔය කියන්නේ  passport, international passport, driver license, local ID card. මේවගෙන් එකක්.අපේ id එක සිංහලෙන් තියන නිසා පොඩි අවුලක් යනවනේ සුද්දට.එක නිසා බලදරියෙක් ලවා english වලට තහවුරු කරගන්ඩ ඕන.මතක ඇතුව සීල් එකකුත් තියාගන්ඩ .මෙන්න උදාහරණයක් බාගෙන බලන්ඩ..
  • ලිපිනය තහුරු කරන්ඩ  utility bill, stamped bank statement or a certificate එක්ක scan copy එකක්.ඕකට හොදම බැංකු පොතේ විස්තර තියන තැන copy එක තම
  • ඔයාගේ debit card එකේ දෙපැත්තේම Scan copy එකක්.
 එහෙනම් ඔය ටික ලැස්ති කරගෙන ඉන්ඩකෝ මම ඊලග ලිපියෙන් වෙන වෙනම එක එක site එක ගැන ලියන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දණ්ඩ 



Friday, July 5, 2013

Stage එකක් අල්ලේ නටවන්ඩ With Sunlite Suite-Computerized lighting controller




           කොහොමද ඉතින්.අද මම කියන්න යන්නේ අලුත්ම subject එක්ක ගැන.මම  අල්ලේ නටවනවා කීවට වේදිකාව උඩ තමා නටන්නේ.අපි ඇත්තටම කරන්නේ controling.දැන් දන්නවා ඔයාල මේ කියන්න යන්නේ satagers controling වගේ දෙයක් ගැන කියල. කොටින්ම කියනවනම් light system  design and countrol  ගැන එහෙමත් නැත්තම් Computerized lighting control ගැන තමා කියන්න යන්නේ. ඔයාල දන්නවා ඇති දැකල ඇති music stagers,වල partyes වල night club වල වගේ ගොඩක් රාත්‍රී උත්සව වල ලොකු ලොකු light systems එකෙක animations එක්ක move වෙනවා.ගොඩක් වෙලාවට music එකට අනුව animate වෙන ස්බාවයක් එහෙම තියනවා.සින්දුව live කියනකොට lights,LED,dry ice,music,sound, වගේ ගොඩක් දේවල් ඒ music එකටම සමාන්තරව යන්නේ කොහොමද කියල ඔයාලට හිතිල ඇති. හිත හිතා ඉන්ඩ ඕනේ නෑ.අද මම ඔය සේරම ගැන කියනවා.මේ බ්ලොග් එක ඉවර වෙනකොට ඔයාලටත් ඒ දේවල් කරන්ඩ පුළුවන්.කරන්ඩ කලින් පොඩි idia එකක් ගන්ඩත් එක්ක මම  දාල තියන image ටිකත් බලන්ඩකෝ.

 ඇත්තටම ඔය සේරම පාලනය වෙන්නේ එක operater කෙනෙක් යටතේ.බය වෙන්ඩ දෙයක් නැ ඔය සේරම සොෆ්ට්වෙයා එකකින් තමා වූ  කරන්නේ.මම කියන්නම් එහෙනම් මේකේ වෙන ජිල් මාර්ට් එක 
මොකක්ද කියල. ඊට කලින් ඕකට ඕන ගැජමැටික් ටික කියන්නම්කො.

01.මුලින්ම ඕන සොෆ්ට්වෙයා එක රන් කරන්ඩ දාවකයක් ඔය කියන්නේ PC එකක් ගැන.ඕක ඉතින C උනත් ඇති. සොෆ්ට්වෙයා එකත් ඕන Sunlite Suite කියල.සොෆ්ට්වෙයා www.nicolaudie.com එකෙන් free බගන්ඩ පුළුවන්. habai ඉතින් ඕක වැඩ කරන්නේ අපේ බිල් ගේට් මහත්තයාගේ ජනේලය OS එකේ විතරයි.

02.තව DMX Interface එකක් ඕන.ඔය ලොකු ලොකු ටෝක් වලින් තිබුනට ඕක හරිම පොඩි ගැජේට් එකක්.පොඩි උනාට ඕක සැහෙන ගානක් වෙනවා.මුළු site එකම control වෙන්නේ DMX interface එක ඇතුලේ තියන IC වලින්.මම පල්ලයහ පොටෝ එකක් දාල තියනවා.

ඔය දෙක conect කරන්ඩ usb cabel එකක්, සහ ඔයාලට වේදිකාවේ set කරන්ඩ ඕන ගැජෙට් ටිකත් ඕන.leaser beams,leaser projecters,farcanes, Music and sound units,DJ units,gas units,Fire units,ets.



    .මුලින්ම සොෆ්ට්වෙයා එක use කරලා අපේ ඔයාල හොදට පුරුදු වෙන එක තම කරන්ඩ තියෙන්නේ.ඔතන කරන්නද තියන ලොකුම සහ එකම වැඩෙත් ඔච්චරයි.ඔච්චරයි කීවට ඔය stage එක set කරන එකත් කටු වැඩක්. ඔයාල දන්නවා ගොඩක් satgers හදන්නේ තාවකාලිකව . ඔය යටම image තියන විදිහට මුලින්ම stage එක නිර්මාණය කරනවා. ගොඩක් වෙලාවට ලංකාවෙනම් වෙන්නේ යකඩ කණු ගහල ඒවා උඩ skelital frame යවන එක.සෙවිලි කරන්ඩ තහඩු බාවිතා කරනවා.ඔයාලට හිතෙයි ඕක නිකන් ටකරන් hut එකක් හදනවා වගේ වැඩක්නේ කියල.නැ එහෙම නෑ.ඔය සේරම ගොඩක් සක්තිමත්ව හදන්න ඔන. මොකද ඔය image වල තියන light beams ගන්ඩ ගොඩක් light projecters වර්ග බාවිතා කරනවා.ඔය එකක් කිලෝ50-60විතරවෙනවා.සමහර ඒවා ඊටත් වැඩි. ඒ වගේ unit 100-200 එල්ලනවා. එටකොට ඕවගේ එන බරත් එක්ක ඔයාලට පුළුවන් කොයි වගේ ප්‍රමිතියකින් හදන්ඩ ඕනද කියල හිතාගන්ඩ satge එකක්. කොහොම හරි ඔය ටික සෙට් කරලා ඉවර උනාට පස්සේ ඔය සේරෝගේම data cabels DMX එක හරහා computer එකට conect කරනවා.ආ මට අමටක උනා data විතරක් දුන්නට මදි power දෙන්දත් ඕන. ගොඩක් වෙලාවට තෙකලා විදුලිය ගන්ඩ  වෙනවා.

        හරි දැන් කොහොම කොහොම හරි ඔය වැඩ ටික ඉවර වෙලා ඔය සෙට් කරපු ගැජට් සේරම වැඩද කියල චෙක් කරලා ඉවර උනාට පස්සේ තමයි  Sunlite Suite ඕන වෙන්නේ. කොටින්ම කෙවොත් Sunlite Suite එකට මුළු stage එකමcopy කරන්ඩ ඕන. copy  කරනවා කියන්නේ, stage එකේ units පිහිටලා තියන විදිහටම units add  කරලා stage එකේ දිග පළලටම satge එකකුත් create කරලා තව ඔය ලියන ලට්ට ලොට්ට සේරමත් add කරන්ඩ ඕන.මේක ගොඩක්මනම් අමාරු නැ හොදට පුරුදු උනාට පස්සේ.ගොඩක් තියෙන්නේ items drag and drop කරන්ඩ තමා.මොකද Sunlite Suite  එකේ ඔය units සේරම තියනවා.ඕනනම් Sunlite Suite එකේ ඔයාලගේ project එක 3D පෙන්නනවා.colors animetions එහෙම දීල ඉවර උනාට පස්සේ 3D viwe එකකුත් දීල බලන්ඩ පුළුවන් කොහොමද වැඩ වෙන්නේ කියල.
              මම කීවෙ ඔය ඇත්තටම වෙන්ඩ ඕන ක්‍රමය තමා. ඒ උනාට මම දැකල තියන ගොඩක් ලංකාවේ අය කරන්නේ මුලින් Sunlite Suite එකේ හදල Sunlite Suite එකේ තියන විදිහට stage එක හදන එක තමා.තව අය ඉතින් ඔය මොකවත් නැතුව Sunlite Suite  එකට දෙන templates එක බලන stage හදන වැඩෙත් කරනවා. කොහොම හරි කමක් නැ වැඩේ වෙනවනම්.මම කියන ඒවා සමහරවිට ඔයාලට තේරෙනවා මදි වගේ ඇති.ටිකක් හදිස්සියෙන් තමා ලීවේ. ඔයාල Sunlite Suite  බාගෙන පොඩ්ඩක් අතගාල බලන්ඩ.ගොඩක් අමාරු නැ.ඒ වගේම දැන් Sunlite Suite 2 ඇවිත් තියනවා.ගොඩක් අලුත් options තිබුන.මමනං හිටනවා ඔයාලට මුලින්ම Sunlite Suite 2 use කලොත් එපා වෙයි කියල.එක නිසා Sunlite Suite 1 එකෙන්ම පටන් ගන්ඩ.එකේ ගොඩක් සරලව තියනවා.මම Sunlite Suite ගැන කියල දෙන්ඩ යන්නේ නෑ.මොකද මම දැක්කා Sunlite Suite ගැන ගොඩක් වීඩිඕ youtube එකේ තිබුණා.ඒවා බලලා Sunlite Suite ඉගෙනගන්ඩ පුළුවන්.අයේ මම ලියන එක තේරුමක් නැ.අනික කියවනවට වඩා බලන් කරනකොට ඇගට වැදෙන ගතියකුත් තියනවනේ. එහෙනම් ඉතින් කරලා බලල Comments එකක් දාලම යන්ඩ.මොනවා හරි ප්‍රශ්න තියනවනම් අහන්ඩ.මම උඩ කියල තියන ගැජෙට් වල පොටෝ ටිකක් දැන්නම් පහලින්.
         
DMX interface එක තමා ඔය කොළ පාටට තියෙන්නේ.

Skelital Frames
lights




.එහෙනම් හැමෝටම සුබ දවසක්.......................................................................
Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...