Wednesday, July 24, 2013

PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම




                           








 හැමෝටම සුබ දවසක් යාලුවනේ. හුගක් දවසකින් බ්ලොග් එකක් ලියන්ඩ බැරි උනා.ඉස්සරහහට වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න හිතන් ඉන්නවා.බලමු.වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනම්. අද මම කියන්ද හදන්නේ ගොඩක් නෙට් එකේ මුදල් ගනදෙනු කරන අයට වැදගත් දෙයක් ගැන.  PAYMENT PROCESSORS .මම PAYMENT PROCESSORS ගැන ලියන්න හිතුවේ මම ගිය ටිකේ ගත්ත අත්දැකීම් ඔයලාටත් වැදගත් වෙයි කියල හිතපු හන්ද.මම ගිය ටිකේ සැහෙන කට්ටක් කෑවා මේ ගැන හොයන්ඩ.මට සල්ලි වගයක් transfer ඔන වෙලා බලපුවහම යවන්ඩ පුළුවන් PAYMENT PROCESSORS ලා සමානියෙන් හුරු පුරුදු නොවන ඒ වගේම free එක ගොඩක් වැඩි අය.ඉතින් මම PAYMENT PROCESSORS ගොඩක් හවුල් කරගෙන ලොකු mission එකකින් පස්සේ තමා මගේ වැඩේ කරගත්තේ. සමානියෙන් අනිකේ web site use කරනවා වගේ නෙමේ PAYMENT PROCESSOR SITE use කරන්ඩ කලින් verify කරන්ඩ ඕන. ලොකුම කෙස් එක ඕක කරන්ඩ  දවස් 2-10 අතර  වත් යනවා. මට මගේ වැඩේ සති 2ක් විතර පරක්කු කරන්ඩ උනා ඔය verify seen එක හන්ද.හරි වල්පල් නැතුව වැඩේට බහිමු. PAYMENT PROCESSORS ගැන ගොඩක් ලිපි  තියනවා මම දැක්කා එත් අංග සම්පුර්න ලිපියක් මට අහු උනේ නැ.එක නිසා මම 0 ඉදන් සම්පුරණ විස්තරේ ලියන්ඩ හිතවා.

PAYMENT PROCESSORS කියන්නේ මොනවද.

                  PAYMENT PROCESSORS කියන්නේ internet එක හරහා මුදල් ගනු දෙනු කරන්ඩ පුළුවන් website වලට කියන නම.මේ site online bank එකක් විදිහට,  online money transfer කරන්ඩ, online payment කරන්ඩ,නැත්තම් ඔයාල E- money වලින් හොයන මුදල් අතට ගන්ඩ වගේ වැඩ වලට යොදගන්ඩ වෙනවා . මෙයlලා හරහා මුදල් ගනුදෙනු කරනකොට එකිනෙකට වෙනස් Conditions තියනව.ඒ වගේම මෙයාල අයකරන service fees එක්කනගෙන් එක්කනට වෙනස්. සමහර අයට මේ වගේ site දැම්ම වැඩක් නැනේ. කියල හිතෙයි ඕක මොකද්ද ඕන උනහම සුටුස් ගලා register වෙනවා කියල හිටන්යි.එත් මමනම් කියන්නේ ඔයාල 18 පැන්නහම id passport හදනවා වගේ මේ site වලත් account හදල verify කරලා තියනවනම් හොදයි කියල . මොකද ලොකු හදිස්සියක් වෙලා මේවා හදන්ඩ ගියොත් වැඩේ ඇනෙනවා.මොකද මේවා හදිස්සියේ කරන්ඩ පුළුවන් වැඩ නෙමේ.ඔයාලට ගොඩක් හුරු පුරුදු එක site එකක් තමා paypal කියන්නේ.ඔය වගේ site සැහෙන ගානක් තියනවා.මම ඒ site වලින්  ගොඩක් වැදගත් නිතරන use කරන site ටිකක් දෙන්නම් හැම පැත්තම cover වෙන විදිහට.කනගාටුවෙන් උනත් කියන්ඩ වෙනවා මේක internet එකනේ.ඒ නිසා   spam site එහෙමත් නැතුව නෙමෙයි.ඒ වගේම ඔබේ user name password උස්සන්ඩ් බලන් ඉන්න හොරුත් සහෙන්ද ඉන්නවා.

PAYMENT PROCESSORS එක්ක වැඩ කරනකොට දැනගෙන සිටිය යුතු වැදගත් කරුණු.


  • ගිණුමේ ආරක්ෂාව-ඔබ ගනු දෙනු කරන්නේ මුදල් එක්ක නිසා  ලොකු ආරක්ෂාවක් තියෙන්ඩ ඕන.එක නිසා කවදාවත් මේ වගේ site වලට ලොග් වෙද්දී site වල register වෙද්දී username passwaord,card numbers වගේ දේවල් කෙලින්ම type කරන්ඩ එපා. කලින් ඔයාගේ විස්තර notepad එකක type කරලා තියාගෙන copy කරලා අදාල තැනට past කරන්ඩ.මේක ගොඩක් වැදගත්. මොකද ඔබගේ දැනුවත් බාවයකින් තොරව ඔබගේ පරිගණකයේ ඔත්තු බලන පොඩි පොඩි app,add-ons,toolbars වගේදේවල් ඉන්ස්ට්‍රෝල් වෙලා තියෙන්ඩ පුළුවන්.මේකෙදි වෙන්නේ ඔයා  user name password type කරන අවස්ථාවල press වෙන key ටික app එකෙන් බලන් ඉදල Screen shot එකක් එක්ක එක්ක මහා හොරට E mail කරන එක.එටකොට වෙන දේ හිතා ගඳ පුළුවන්නේ. අනික තමයි ඔයාගේ mail inbox එකට එන මේල් වලින් කවදාවත් PAYMENT PROCESSOR site එකට ලොග් වෙනද යන්ද එපා. mail එක ස්පෑම් එකක් උනොත් sorry ම තමා. දැන් බයවෙන්ද කාරණාවක් නැ.ඔයාගේ ඇන්ටි වයිරස් එකක් තියනවනම් හුගක් වෙලාවට මේවා  අල්ලනවා. වැඩි හොදට ඔහොමත් කරන්ඩ. අනික් වැදගත් කාරණාව තමයි PAYMENT PROCES  siteඑකට log in වෙන page එකේ  adderss bar එකේ https:// කියල තියෙන්ඩ ඕන ඉබ්බෙකුත් එක්ක.. එහෙම  නැත්තන් ඔබේ විස්තර දෙන්ඩ එපා.එක එකම නමින් තියන ස්පෑම් එකක් වෙන්ඩ පුළුවන්.ඒ වෙලාවට restart කරන්ඩ page එක.  අලුත්  Email එකක් තියනවනම් හොදයි PAYMENT PROCES SITE වලට වෙනමම. එකම ip එකකින් ලොග් වෙන එකත් ගොඩක් හොදයි.ඔබගේ පුද්ගලික පරිගණකයකින් පමණක් ලොග් වෙන්න.
  • මම කලින් කීව වගේ මෙයාලගේfees එක ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්.
  • අනික තමයි Privacy Policy,Terms & Conditions,වගේ දේවල් දැනගන්න එකත් ගොඩක් වැදගත් ගනුදෙනු වලට කලින්
  • අනික තමයි මෙයාල ගන්න transfer time එක.
  • ලංකාවට support කරනවද කියන එක.


හරි එහෙනම් මුලුන්ම මේ ලිපි ගොනු ටික ලස්ටි කරගන්ඩ ඕන register වෙන්ඩ කලින් 


  • බැංකු ගිණුමක්
  • credit හෝ debit card පතක්- -ලංකාවේ නෙට් පේමන්ට් වලට suport කරන්නේ Hatton National Bank,Commercial Bank,සහ sampath web card පමණයි.මේ බෑන්ක් 3න් එකක card එකක් හදන මතක ඇතුව නෙට් payement active කරගන්ඩ.මගේ card එක hnb මම පේමන්ට් කරන්ඩ ඕන වෙලාවට call එකක් දීල active කරගන්නවා.එක හැම අතින්ම හොදයිනේ.
  • ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි දෙයක scan copy එකක්. මෙන්න මෙවන් එකක් තමා ඔය කියන්නේ  passport, international passport, driver license, local ID card. මේවගෙන් එකක්.අපේ id එක සිංහලෙන් තියන නිසා පොඩි අවුලක් යනවනේ සුද්දට.එක නිසා බලදරියෙක් ලවා english වලට තහවුරු කරගන්ඩ ඕන.මතක ඇතුව සීල් එකකුත් තියාගන්ඩ .මෙන්න උදාහරණයක් බාගෙන බලන්ඩ..
  • ලිපිනය තහුරු කරන්ඩ  utility bill, stamped bank statement or a certificate එක්ක scan copy එකක්.ඕකට හොදම බැංකු පොතේ විස්තර තියන තැන copy එක තම
  • ඔයාගේ debit card එකේ දෙපැත්තේම Scan copy එකක්.
 එහෙනම් ඔය ටික ලැස්ති කරගෙන ඉන්ඩකෝ මම ඊලග ලිපියෙන් වෙන වෙනම එක එක site එක ගැන ලියන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දණ්ඩ 



4 comments:

  1. එල එල....දිගටම ලියං යමං මචං....

    ReplyDelete
  2. maru machoo.digatama karahan

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. Pretty good post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed reading your blog posts. Any way I'll be subscribing to your feed and I hope you post again soon. Big thanks for the useful info.
    high risk payment processors

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.

Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...