Wednesday, October 9, 2013

Reload mobile online-ගෙදර ඉදන් ඔබේ ජංගම දුරකතනය Reload කරගන්න

ගෙදර ඉදන් ඔබේ ජංගම දුරකතනය Reload කරගන්න with credit card and paypal 



දැන් ඉතින් phone එකට Reload දාගන්න කඩවල් ගානේ දුවපු කාලේ ඉවරයි. දැන් ගෙදර ඉදලම් තප්පර ගානකින් ඔබගේ ගිණුම Reload කරගන්න වගේම Bill ගෙවන්නත් පුළුවන්.මේක ඉතින් සමහර අයනම් දන්නවා ඇති.එත් නොදන්නා අයට දැනගන්නත් එක්ක ලියන්නම්.මේ ක්‍රමයෙන් ඕනෑම දුරකථන ජාලයකට Reload කිරීමී හැකියාව පවතිනවා.මම දැනට බාවිතා කරලා තියෙන්නේනම් මොබිටෙල් හා ඩයලොග් පමණයි. නමුත් ඔබට සේවා සපයන සියලු ආයතන මේ පහසුකම ඔබට සලසලා දීල තියනවා.ඊට අමතරව අතරමැදි වෙබ් අඩි හරහාද මේ සේවාව සලසා ගන්න පුළුවන්.මේ අඩවි වල වෙන්නේ ඔබගේ credit card එක හරහා මුදල් ලබාගෙන Reload කිරීමේ ක්‍රමයක්. ඊට අමතරව paypal වැනි payment prosessers හරහා මුදල් ගෙවා Reload කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් කියන්න වැදගත් දෙයක් තියනවා. මේ සේවාවල් සදහා කිසිදු අමතර ගාස්තුවක් අය වෙන්නේ නැ.


මෙන්න එහෙනම් ඔබගේ දුරකථන සේවා සැපයුම් කරුගේ ලින්ක් ටික 


 ඔයාලට මේ ලින්ක් එකෙන් ගියහම් මේ වගේ site එකක් එයි
ඔතන Reload කරන්න ඕන නුම්බෙර් එක දෙන්න .button  එක ච්ලිච්ක් කරලා ඉදිරියට යන්න .මම හිතනවා එතන අමරුදෙයක් නැ කියල.පොඩි ෆෝරම් ටිකක් තියෙන්නේ පුරවන්න.E-mail එක ඉල්ලයි එකට ඔයාල බාවිතා කරන එකක් දෙන්න.ඔයාගේ credit card විස්තර ඉල්ලයි.ඒවා නිවැරදිව දෙන්න.ඔය.ඔයාලට අන්තිමට පහල තියනවා වගේ bill එකක් දෙයි.එකේ screen shot එකක් ගහල තියාගන්න.බැරි වෙලාවත් Reload එක අවේ නැත්තන් report කරන්න.ඔයාගේ මේල් එකටත් එනවා ඒ bill එක.මම පහල රවුම් කරලා තියන තැන පෙන්නවා SUCCESS ද FAIL ද කියල.

මොබිටෙල් ලගේනම් මුලින්ම ලියාපදිංචි වෙන්න ඕන. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ටෙර් වෙන්න. ඊට පස්සේ ලොග් වෙන්න .ලොග් උනාම Pay Online කියල ඇති . ඊට පස්සෙනම් ඩයලොග් විදිහමයි.ලොකු වෙනසක් නැ.අන්තිමට මෙන්න මේ වගේ bill එකක් එයි.

හච් වලදිනම් මොවුන් වෙනත් අඩවියක් හරහා තමයි දෙන්නේ . ඒ සදහා ලියාපදිංචි වෙන්න ඕන. මීට අමතරව අනෙකුත් සේවා ගැන සදහන් කරන්න ඕනේ නැ කියල හිතනවා.

Reload සේවාව සපයන වෙබ් අඩවි

හරි එහෙනම් මේක ඉතින් ගොඩක් ලොකු දෙයක් නෙමේනේ.ඕක සියලුම සමාගම් සපයන සේවාවක්. දැන් බලමු මේ සේවාව සපයන වෙනත් අඩවි මොනාවද කියල.
මම පහින් ලින්ක් ටික දැන්නම්

1. http://reload.lk/ මේ හරහා ලංකාවේ පවතින සියළුව දුරකථන සදහා online Reload කිරීමේ හැකියාව පවතිනවා.

2. කප්රුක මොබිටෙල් ඩයලොග් හා එටිසලාට් සදහා  online Reload කිරීමේ හැකියාව පවතිනවා.

3. ටොප් up ලියාපදිංචියෙන් පසු සේවාව ලබාගත හැක.


ඔය ඇති. හැම site එකේම එකම දේ වෙන්නේ.ඇත්තටම මම මේ site 4 use කරලා නැ තාම.මොකද මට උවමනාවක් උනේ නැ. මොකදා ඉතින් ඔරිගීනල් site එක තියන නිසා එකෙන්ම කරගන්න පුළුවන්නේ.එත් සමහරවිට ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතල දැම්මේ.

paypal එකෙන් Reload කරමු.


තව එක site එකක් ගැන විශේෂයෙන් කියන්න ඕන.ඒ ලංකාරීලෝඩ් ගැන. ඔයාල නෙට් එකෙන් සල්ලි හොයන වැඩ කරනවානම් ගොඩක් අයට මිදල් ලබාගැනීමේ ගැටළු තියනවා.ඔයාලට කැමතිනම්  ඔයාලගේ paypal ගිණුමේ මුදල් වලින් ලංකාරීලෝඩ් හරහා online Reload කෙරීමේ හැකියාව පවතිනවා.මම හිතනවා අන්තිමට දැම්මට මේක ගොඩක් වැදගත් වෙයි කියල ගොඩක් අයට.මෙන්න එහෙනම් ලින්ක් එක . මම මේ site එකනම් බාවිතා කරලා තියනවා.මුලින්ම රෙගිස්ටෙර් වෙන්න ඕන .ඊට  පස්සේ ඉතින් ඕන දෙයක්.

මීට අමතරව තව ඕන තරම් site තියනවා එත් ඉතින් මම හිතනවා මේ ටික ඇති කියල. ඔයාල මොනවා හරි අලුත් දෙයක් ලබා ගත්තනම් එක තමයි මගේ සතුට. යන ගමන් comment එක්ක දාලම යන්න අමතක  කරන්න එපා.තවත් පොස්ට් එකකින් හම්බෙමු හැමෝටම සුබ දවසක්.




Wednesday, September 11, 2013

Skrill [money bookers]-PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම #4

ඉතින් යාලුවනේ කොහොමද ඔන්න මම පොරොන්දු උන විදිහටම mb ගැන ලියන්න යන්නේ mb කියන්නේ money bookers . money bookers කීවට ඇත්තටම දැන් පවතින නම තමා   Skrill කියන්නේ. මම Skrill ගැනත් මුල ඉදලම කියල දෙන්නම්.ඊ ට කලින් PAYMENT PROCESSORS ගැන ලියපු  පලවෙනි ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඉස්සරෝම එක බලල ඉන්න.මොකද නැත්තන් වැරදි වෙන අවස්ථාව වැඩි වෙයි. ඔන්න බලන්ඩකෝ විස්තරේ. 

Skrill® is a trading name of Skrill Limited,  is a company incorporated under the laws of England and Wales with registration number 4260907. We are authorised by the Financial Conduct Authority (FCA)  under the Electronic Money Regulations 2011 for the issuing of electronic money Our FCA  e-money register number is 900001.

 හැමෝගෙම වගේ මෙයාලගෙත් පම්පෝරිය දාලා ඉන්නම්කො එහෙනම්,

Skrill has been moving money digitally since 2001. We offer online payment solutions for businesses and consumers, allowing them to pay and get paid globally. Over 36 million account holders already trust Skrill. Our customers can send and receive money worldwide in 200 countries and 40 currencies, securely and at low cost, without revealing their personal financial details.Your business will benefit from our worldwide payment network with over 100 payment options. Whether through a simple one-step integration or a fully-tailored payment solution. Whoever you are, however you like to pay or get paid, trust Skrill to make your online payments simpler, faster and safer.

මෙයාලත් ලොව් පිළිගත් ප්‍රදාන පෙලේ company එකක්.බයවෙන්ද දෙයක් නැ.විස්වාස දායක පොරක්.money bookers කියපුවහම සේරම කියන්නේ ජර්මන් පොරක් කියල ඒ උනාට Skrill register වෙලා තියෙන්නේ landon වල.

Welken House
10-11 Charterhouse Square
London EC1M 6EH
United Kingdom
 මෙයාලගේ branchers තියනවා New York, Stockholm, Berlin, Sofia ,Vienna වල.ලංකාවට ලං වෙන්න නැති උනාට බය වෙනද එපා ලංකාවේ ගොඩක් ය ඉන්නවා මෙයාලත් එක්ක ගනුදෙනු කරන. ඔයාලට ගොඩක් සතුටු හිතෙන දෙයක් තියනවා.අපි දැනට කතා කරපු හැම PAYMENT PROCESSORS එකකම වගේ මුදල් ලංකාවට ගැනීම ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ.නමුත් Skrill වලින් 100% ක් සාර්ථක ලෙස swift banking හරහා ඔයාලගේ බැංකුවට මුදල් ලබා ගන්න පුළුවන්.2-5 අතර දින ගානකදී අනිවරයෙන්ම මුදල් ඔයාලගේ ගිණුමට බැර වෙලා තියෙයි.ගන්න හැටි පස්සේ කතා කරමු .ඊට කලින් අපි බලමු රෙගිස්ටෙර් වෙන හැටි.එහෙනම් ඔන්න ලින්ක් එක ඔය බැනර් click කරලා site එකට යන්න මුලින්ම.

දැන් ඔයාලට ඇවිත් ඇති පුරවන්න ෆෝරම් එකක්. රට ලංකාව දීලා Currency එක USD දෙන්ඩ.එක ගොඩක් පහසයි ගනුදෙනු කරන්න.මෙතන ඔයාලගේ නම දෙද්දී හරියට දෙන්ඩ .මොකද bank එකට සල්ලි ගන්න හන්ද අනිවාර්යෙන්ම බෑන්ක් එකට ඔයාල දීල තියන නමයි මෙයාලට දෙන නමයි හරියටම සමාන වෙන්න ඕන.නැති උනොත් ප්‍රශ්න එයි සල්ලි ගන්නකොට.එකට ඔයාලගේ බැංකු පොත බලලම නම දාන්න.ඔයාලගේ ලිපිනයත් හරියටම දෙන්න.මොකද ගෙදරට ලියුමක් එනවා. ඒ පිටුව පුරවලා next කරන්න. ඊ ලගට එන page එකත් පුරවල accept and create account දෙන්ඩ. දැන් වැඩේ හරි E mail එක conform කරන්න.
 හරි දැන් ඔයාලා Skrill එකේ sing in උනහම settings වලට ගිහින් personal information වල address එක verify කරන්න button එකක් ඇති මට සම්පුර්න  step නම් මතක නැ මොකද මම රෙගිස්ටෙර් වෙලා හුග කල්.එකට කමක් නැ.address එක verify කරන්න ඉල්ලපුවහම දවස් 20ක ට විතර පස්සේ air mail වලින් ලියුමක් එයි ගෙදරටම.එකේ තියන පින් number එක දෙන්ඩ තැනක් තියනවා address එක ලග එක දුන්නහම ඒ ටිකත් ඉවරයි. දැන් ඔයාල cards and bank accounts කියන page එක‍ට ගිහින් ඔයාලගේ card , bank account add කරන්න පුළුවන්.

මුලින්ම මම card එක ගැන කියන්නම්.card එක verify කරන්න තියෙන්නේ PAYZA වල විදිහටම තමයි. මෙයාලගේ one and only ක්‍රමය තමයි card එකෙන්  ගානක් කපාගෙන කීයක් කැපුවද කියල අහන එක.මම හිතනවා PAYZA වලත් කරපු නිසා එකේ ප්‍රශ්න නැති වෙයි කියල. PAYZA ගැන ලිපිය බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.  ඔයාල verify එක සම්පුර්න කරනම් ඔයාගේ Skrill account  එකට card එකෙන් කැපුණු ගාන වැටිලා තියෙයි.මෙන්න මේ විදිහට

හරි එහෙනම් දැන් bank account එකක් add කරන්න.විස්තර  හරියට දෙන්ඩ swift cord එක දන්නත්තන් මෙතනින් බලා ගන්න. හරි බෑන්ක් එක add කරහම auto එයාල bank එකේ විස්තර ගන්නවා.දැන් ඔයාලට Skrill account එක use කරන්න පුළුවන් withdrow and diposit සදහා. ඩොලර් 14 කින් වගේ උඩ ගානක් ඔයාලගේ Skrill account එකේ තියනවනම් withdrow කරන්න පුළුවන්. withdrow fes එක ඩොලර් 2.39 වෙනවා.බය වෙන්ඩ එපා මේ system එකෙන් තමයි ගොඩක් අය e money ලංකාවට ගේන්නේ.ඔයාලගේ ඩොලර් paypal වලට මාරු කරන්නත්, paypal වල ඩොලර් Skrill account එකට ගන්ඩත්  පුළුවන් නිසා ඔයාලගේ ගොඩක් ප්‍රශ්න විසදෙයි.
තව පොඩි දෙයක් තියනවා කියන්න Skrill  එක්ක ගනුදෙනු කරද්දී මේ කොන්දේසිය පිලිපදින්ද වෙනවා.
තව දෙයක් තියනවා මෙයාලගේ සේවාව ගොඩක් ඉහලයි.එක නිසා පොඩි වැරද්දක් උනත් account එක block කරන්ඩ පුළුවන් දවසකට වගේ.එක නිසා සැලකිල්ලෙන් ගනුදෙනු කරන්න.


 එහෙනම් ප්‍රශ්න තියනවනම් Comment එකක් දණ්ඩ. සුබ දවසක් මම යනවා. තවත් PAYMENT PROCESSORS  එකකින් හමුවෙමු.

Blog හොරු+ ලංකාවේ Forex ගැන සුබ ආරංචියක්

යාලුවනේ ඉතින් කොහොමද. හුග දවසකින් බ්ලොග් එක පැත්තේ අවේ.මුලින්ම සමාවෙන්ඩ ඕන මම ඔයාලට පොරෝර්න්දු උනා mb ගැන ලියන්න.එත් පසුගිය ටිකේ තිබුණු වැඩත් එක්ක පැත්ත පළාතක එන්ඩ බැරි උනා.මාසෙකින් විතර තමා බ්ලොග් එක පැත්තේ අවේ. මම හිතනවා මගේ පොරොන්දුව ඉක්මනටම ඉටු කරනද පුළුවන් වෙයි කියල.මොකද මට මේ දවස් 2ක 3 නේ ලොකු වැඩක් නැ.එක නිසා මම ඉක්මනටම ඒ පොස්ට් එක දාන්නම්. අද පොස්ට් එක ලියන්නේනම් බ්ලොග් එක පැත්තේ ආපු නිසා.එහෙම කීවට තව හේතුවකුත් තියනවා
     

   අද මන් ලග සුබ අරන්චියකුත් තියනවා.ඒ වගේම මට වෙච්ච අසුබ දෙයක් ගැන කියන්ඩත් තියනවා.හරි මම මුලින්ම සුබ ආරංචිය ගැන කියන්නනම් මේක ගොඩක් සුබ වෙන්නේ ලංකාවේ Forex ගැන උනන්දු,Forex  මග නවත්තලා ඉන්න, Forex  තහනම නිසා අවුලෙන් ඉන්න, ඒ වගේම Forex  ගැන අලුතීන් උනන්දුවක් දක්වන Forex වලට එන්ඩ කැමති අය සදහා. කොටින්ම කීවොත් මේ කියන්න යන්නේ ලංකාවේ Forex  ගැන සුබ පෙරනිමිත්තක් ගැන.මේක සමහර අයනම් දන්නවා ඇති. එත් මේ ගැන ලියවුන බ්ලොග් එකක් මට අහු උනේ නැ.එක නිසා නිකන් ලියල දණ්ඩ හිතුන.මම කලින් Forex ගැන ලියපු පොස්ට් එකේ කීව ලංකාවේ  Forex බ්‍රෝකර් ෆෝරම් එකක් පටන් ගන්ඩ  යනවා කියල.ඔන්න එක හැබෑ වීගන යන්නේ.කියන්ඩ සතුටුයි දැන් ලංකාවේ brach එකක් පිහිටලා තියනවා ලෝකේ ප්‍රසිද්ද බ්‍රෝකර් කෙනෙක්ගේ.දැන් ටික කාලෙකට කලින් තමා පටන් ගත්තේ.මේකට මුල් වෙලා කටයුතු කරන්නේ ලංකාවේ කෙනෙක්.දැනට මේ හරහා ඔයාලට ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. නමුත් දෙයක් කියන්ඩ ඕන Forex  තහනම නිසා මේ අය එක්ක ගනු දෙනු කිරීමේ හැකියාව මොන මට්ටමක පවතිනවද කියල කියන්ඩ මම තාම දන්නේ නැ.ඉක්මනටම ඒ ගැනත් හොයල කියන්නනම්. ඒ වගේම විස්වාස දායක ආරංචියක් අවා මට සුබ දෙයක් ගැන.මේක මට කීවේ මගේ හොද යාලුවේ facebook එකෙන් සෙට් උන වෙලාවක. ලංකාවේ ප්‍රබල දේශපාලන පක්ෂයක කෙනෙක් Forex වලට  බැහැලා.මේක ලංකාවේ Forex ගැන සුබ නිමිත්තක්. මට කෙනාගේ නම් කියන්න බැ.ඒ උනාට ප්‍රබල දේසපාලන පසුබිමක් සහිත මොහු පාර්ලිමේන්තු මන්තී කෙනෙක්.මෙතුමා ලංකාවේ පළමු Forex  බ්‍රෝකර්  ෆෝරම් එක ඒ කියන්නේ ලංකාවෙන් බිහිවන පළමු හා එකම Forex  බ්‍රෝකර්  බිහිවෙනද යන්නනේ. හැබැයි ඉතින් මේවා කවදා කොහොම වෙයිද කියන්න අමාරුයි.කොහොම උනත් මේ වැඩේ හරි ගියොත් ඔයාලට මම කියන්න ඕනැනේ ඊලගට  මොකද වෙන්නේ කියල . ලංකාවේ Forex  තහනම තව දුරත් බැංකු වලට ඕන විදිහට පාලනය කරන්න බැරි වෙනවා. ඉදිරියට  ලංකාවේ Forex නීති ගත වෙයි කියල හිතනවා.  ඇත්තටම දේසපාලනය පැත්තකින් තිබ්බොත් ගොඩක් හොද දෙයක්.අපි හැමෝටම සතුටු වෙනද පුළුවන් කරනවාක්.මම හිතනාව මට වගේම ඔයාලටත් මේ ගැන වැඩි දුර තොරතුරු දැනගන්ඩ ආසා ඇති.හොයල බලන්ඩ මට මොනවා හරි දැනගන්ඩ හම්බුනොත් අනිවා පොස්ට් එකක් දැන්නම්.දන්නා දෙයක් තියනවනම් ඔයාලත් comment එකක් දාලා යන්න අමතක කරන්ඩ එපා.

සැලකිය යුතු දෙයක් තියනවා මේ පිළිබද කියවල ඔයාල කලබල වෙන්න එපා.මොකද මේ දේවල් තමා 100% ක් විස්වාස කරන්න අමාරුයි.එත් මම දැනගත්ත දෙයක් ඔයාලට දෙන්ඩ ඕන නිසා කීවේ. ලංකාවේ forex තාමත් තහනම්.එක නිසා තව කාලය ඉවසන් ඉන්න වෙනවා අපිට.

         අනික් කරනව තමයි මම බ්ලොග් ලියනවට වඩා බ්ලොග් කියවනවා ගොඩක්.මේ ලදී මම බ්ලොග් එකක් කියවනකොට මට ගොඩක් හුරු ගතියක් දැනුන පොස්ට් එක බැලින්නම් මම ලියපු ලිපියක් එහෙම්මම ඇද බාලා. අඩුම තරමේ උට මම දාපු පොටෝ එකක්වත් වෙනස් කරන්ඩ අමතක වෙලා. මට පවු කියල හිතුන පොර ගැන ප්‍රසිද්ද බ්ලොග් site වලින් ගත්ත ලිපි ටිකක් දාගෙන ඒවා මැද්දෙන් click එකකකට 0.0001 ගැනේ ගෙවන add ටිකකුත් පුරවල පොර වගේ ඉන්නවා.ඌ හිතන් ඇත්තේ පාටට තියනකොට නියගලත් කයි කියල බලන් උන්.පවු ඉතින් මොනවා කරන්ඩද.මම comment එකක් දාලා අවා.ඔයිට වඩා හොදයි ඌ මගෙන් පොස්ට් එක්ක ලියල දෙන්ඩ කියල ඉල්ලුවානම් මම ලියල දෙනවා publish කරගනින් කියල.ඒ ගැන කතා කරලා අපි කලේ නාස්ති කොරන්නේ මොකටද.මම එහෙනම් අදට යනවා.mb ගැන ලියන්න ගන්නම් අදම. එහෙනම් හැමෝටම සුබ දවසක් යාලුවනේ. 

Monday, July 29, 2013

PAYZA-PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම #3








කොහොමද යාලුවනේ.ඔන්න මම පොරොන්දු උනා වගේම 3 වෙනි ලිපියත් ලියන්න යන්නේ. PAYMENT PROCESSORS ගැන හැදින්වීමේ ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඉස්සරලා එක බලලම එන්ඩකෝ මෙතැනින්.
හරි එහෙනම් අද මම කියන්න යන්නේ තවත් paypal වගේම ගොඩක් ජනප්‍රිය, ඒ වගේම ගොඩක් වැදගත් PAYMENT PROCESSOR එකක් ගැන.ඒ තමයි PAYZA. ගොඩක් දෙනෙක් අහලත් ඇති මේ ගැන.Payza කලින් තිබුනේ AlertPay නමින්. 2012 තමයි AlertPay, Payza  උනේ.මෙයාලගේ වර්තමාන තත්වය ලොකු තැනක තියනවා.Payza වල මවු ශාකාව පිහිටලා තියෙන්නේ මෙන්න මේ ලිපිනයේ.
MH Pillars Ltd.
2 London Wall Buildings
London EC2M 5UU
United Kingdom
  මෙයාලගේ ශාකා පිහිටලා තියනවා Georgia,Canada,Sweden,Russia කියන රට වල.ඒ වගේම මෙයාලගේ ගනුදෙනු ප්‍රමාණය  paypal වලට දෙවෙනි වෙන්නෙත් නැ.බලන්ඩ මේ විස්තරේ.

With over 9 million members, Payza offers its services in 197 countries and in 21 different currencies. Payza is proud to provide its merchants around the globe a complete solution for accepting payments and managing their businesses. In addition, Payza offers foreign exchange services, fraud screening services, email invoicing, mass and single remittances and business management tools. Payza also provides under-serviced and emerging markets with an affordable and convenient way to receive international payments, thereby bolstering local economies in a global marketplace.

   ගොඩක් වෙලාවට paypal suport නොකරන site වල ගනුදෙනු කිරීමේදී අනිවාර්යෙන්ම අපිට උඩු වෙන්නේ Payza.මොකද අඩුම තරමේ  paypal හෝ Payza යන 2න් එකක්වත් 98% site වල බාවිතා වෙනවා.ඒ සදහා ගොඩක් බලපාන්නේ මෙයාල දෙන service එක ඒ වගේම මෙයාල charge කරන fees ඉස්තාපනය කරලා තියන රටවල් වගේ දේවල්.paypal වගේම ඔයාලට Payza වලදීත්  localized bank transfers, global bank wires, credit/debit card, checks, prepaid cards ආදී සියලුම පහසුකම් අත් විදින්ඩ පුළුවන්.මේකෙදි වැදගත්ම වෙන්නේ paypal වල නොදුන්නට අපිට Payza හරහා කෙලින්ම ලංකාවට මුදල් ගෙන්වා ගන්ඩ පුළුවන්.හරි එහෙනම් මුලින්ම රෙගිස්ටෙර් වෙලා ඉමු.දන්නැති අයත් ඉන්ඩ පුලුවනේ එක නිසා මම පියවරෙන් පියවර කියල දෙන්නම්. හරි එහෙනම් මුලුන්ම site එකට යන්ඩකෝ මෙතනින්.



site එකට ගියහම මෙන්න මේ වගේ page එකක් එයි.

එකේ දකුණු පැත්තේ උඩම sign up කියල button එකක් ඇති එක click කරන්ඩ. ඊළගට ඔයාලට එයි මෙන්න මේ වගේ page එකක්.

Select your country කියන තැනට ශ්‍රී ලංකා කියල දෙන්ඩ.ඔයාලට දීල ඇති starter ,personal,business කියල type 3 ක් ඒවා පහලින් දාල තියන chart එක බලල ඔයාලගේ බාවිතයට ගැලෙපන එකක් select කරන්ඩ .


 මේ ගැනත් සැලකිලිමත් උනාද?

දැන් ඔයලට අයුලක් ඇති සමහර විට මේ type වල වෙනස මොකක්ද . කෝකද තෝරාගන්නේ කියල. කෙලින්ම  business  එකක් ගත්තනම් හරිනේ.එක full option නේ අනික නිකන් දෙන එකනේ කියල. හරි එහෙනම් සේරෝටම කලින් මේක බලල ඉන්ඩකෝ.මේ තියෙන්නේ ලංකාවට බලපාන මෙයාලගේ fees. 



හරි මම හිතනවා එහෙනම් ප්‍රස්නේ විසදුනා කියල එහෙනම් ඔයාලා කැමැති type එකක් දැන් select කරන්දකෝ.දැන් ඉතින් මම මුල්ම ලිපියේ කියපු විදිහට මේ විස්තර පුරවන්ඩ තියෙන්නේ.මුල් ලිපිය බලල නැත්තම් සේරෝටම කලින් එක බලල එන්ඩ.නැත්තන් පස්සේ අපරාදේ කියල හිතෙයි.
ඔයාලට මේ පහල තියනවා වගේ page එකක්නේ ඇවිත් තියෙන්නේ.ඔකේ විස්ටර හරියටම දෙන්ඩ .සේරම step 3ක් තියනවා.
තව දෙයක් තියනවා.ඔයාලගෙන් 2වෙනි step එකේදී Transaction PIN එකක් ඉල්ලයි.
Your Transaction PIN is an extra layer of security. You will be asked to enter it before completing a transaction or deleting important account information.

 එකට මතක තියන number එකක් දෙන්ඩ.ඔයාලගෙන   transaction වලදී අහයි සමහර වෙලාවට.Security Question එකත් දීල next කරන්ඩ.දැන් ඔයාලට E mail එක verify කරන්ඩ කියයි.ඔයා දුන්න mail එකේ inbox එකට mail එකක් ඇවිත් ඇති එකේ තියන ලින්ක් එකෙන් ලොග් වෙන්න. හරි දැන් ඔයා register වෙලා ඉවරයි.හැබැයි තව පොඩි වැඩක් කරන්ඩ තියනවා. ඔයාලගේ page එකේ උඩම දකුණු පැත්තේ නම තියන තැන ඇති unverified කියල.ඒ කියන්නේ තව verify එකක් තියනවා කියන එක.
ඔයාල credit card එකක් add කරගත්තේ නැත්තම් මේ පියවර අනුගමනය කරන්නඩ .my payza account කියන තැන තියන ඊතලය click කරලා එන මෙනු එකෙන් Manage my money යටතේ තියන my credit card කියන තැන ච්ලිච්ක් කරලා විස්තර දෙන්ඩ.my bank account කියන තැනට ගිහින් කැමතිනම් bank account එක දෙන්දත් පුළුවන්.


හරි  එහෙනම් අපි දැන් බලමු card එක කොහොමද verify කරන්නේ කියල.unverified කියල තියන තැන click කරන්ඩ.එටකොට එනවා ඔයාගේ verify කරන්ඩ තියන option එක .Credit Card Validation කියල එකක් ඇති එක උඩ click කරන්ඩ.දැන් ඔයාගේ card information ඇති එතන Validate Card කියන link එක click කරන්ඩ. දැන් ඔයාලට verify කරන්ඩ ක්‍රම 2ක් තියනවා.කැමැති 1 ඉදිහකින් කරන්ඩ පුළුවන්.


  • Validate by Authorization Form

මේකෙදි files 3 ක් upload කරන්ඩ විතරයි තියෙන්නේ.
1.රෙගිස්ටෙර් වෙනකොට දුන්නු Authorization Form එකේ print එකක් අරන්  bank එකේ නිලදරියෙක්ගෙන්  අස්සන් කරගෙන  sacn කරලා upload කරන්ඩ.ඔයාගේ Authorization Form එක ගන්ඩ  Validate by Authorization Form කියන box එකේ තියන  Authorization Form කියන ලින්ක් එක click කරන්ඩ.ඒ එන ෆෝරම් එකේ ප්‍රින්ට් එකක් ගන්ඩ.
2.ඔයාගේ card එකේ ඉදිරි පෙනුම scan එකක්.
3.card එකේ පසුපස පෙනුමේ scan එකක්.
 ඔය 3 upload කරපුවහම ටික වෙලාවකින් verify කරයි.


  • Validate by Charge
මේ ක්‍රමය අපි paypal වල විදිහම තමයි.මුලින්ම 1$-2$ අතර ගානක් ඔයාගේ card එකෙන් charge වෙනවා.ඔයා bank එකට කතා කරලා charge උන ගාන අහගෙන site එකට දෙන්ඩ ඕන.හරිම සරලයි.කරන්ඩ ඕන මුලින්ම Validate by Charge box එකේ තියන validated your credit card කියන එක click කරන්ඩ.දැන් ඔයාගේ card එකේ cvv number එක දෙන්ඩ.cvv කියන්නේ card එකේ පිටිපස්සේ අස්සන ගාව තියන digit 3 .check box එක mark කරලා next කරන්ඩ.දැන් ඔයාලට massage එකක් එයි card එකෙන් සල්ලි කැපුන ඒ කැපුණු  ගාන USD කීයද කියල .දැන් ඔයාගේ bank account එක තියන branch එකට කතා කරලා අන්තිමට කැපුණු ගනන අහගන්ඩ ඕන.හැබැයි ඉතින් උන් කියන්නේ රුපියල් වලින්.උන්ගෙන USD වලිනුත් ගාන අහගන්ඩ. අහගෙන bank එකේ site එකට ගහින් අද දවසේ උන්ගේ USD selling rate එක බලලා ඔයා තනියමත් හදන්ඩ.දැන් බලන්ඩ බැංකුවෙන් කියපු ගානයි ඔයාට අපු පිළිතුරයි සමානද කියල.හරියටම බලල ගාන දෙන්ඩ.මටක තියාගන්ඩ ඔයාලට චාන්ස් 3යි දෙන්නේ.වරද්දගන්ඩ එපා.හරි වැඩේ හරියට කලානම් මෙහෙම massage එකක් එයි.

හරි එහෙනම් ඔයාගේ Payza එක සම්පුර්න ලියාපදිංචි කරලා ඉවරයි.දැන් ඔයාට ලොකු ලිමිට් එකක් තියනවා මාසිකව.පොස්ට් එක ගොඩක් දිග වැඩි උනා.සරලවම ලියපු හන්ද හැම අස්සක් මුල්ලක් නැරම ලියුවා.එහෙනම් ගැටළු තියනවනම් comment එකක් දණ්ඩ.ඊලග PAYMENT PROCESSORS එක විදිහට MB ගැන ලියන්නම්.MB කියන්නේ ජර්මන් පොරක්.බලමු උගේ වැඩ කොහොමද කියල.

ඒ වගේම අලුතෙන් පලවන ලිපි ගැන E mail එකක් ගන්ඩ ඔයාලගේ E mail එක submit කරලම යන්ඩ.ගියාට කමක් නැ. හැබැයි අයෙත් එන්ඩ.දැන් මම දිගටම බ්ලොග් ලියනවා.එහෙනම් සුබ දවසක් යාලුවනේ. ....................

Thursday, July 25, 2013

PAYPAL -PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම 2


















Paypal කියන්නේ ලෝකේ තියන ගොඩක් ප්‍රසිද්ද වගේම ගොඩක් අය use කරන site එකක්. paypal පටන් ගත්තේ 1998 දෙසැම්බර් වල . එදා ඉදන් මේ වෙනකොට ලොකු තැනකට අපු american company එකක් .දැනට paypal වල අයිතිය තියෙන්නේ අපි කවුරුත් දන්නා EBAY .INC ආයතනයට.මෙයාලගේ ලියාපදිංචිය තියෙන්නේ
2211 North First Street
San Jose, California 95131 වල මෙයාලගේ ලෝකේ වටේම තියන ශාකා ගණන 21 වෙනවා.ඒ වගේම අපිට ලගම පොට් එක සිංගප්පුරුවේ පිහිටලා තියනවා. මෙයාල එයාල ගැන පම්පෝරි ගහල තියෙන්නේ මේ විදිහට.

""PayPal is the faster, safer way to pay and get paid online, via a mobile device and in store. The service gives people simpler ways to send money without sharing financial information, and with the flexibility to pay using their account balances, bank accounts, credit cards or promotional financing. With 128 million active accounts in 193 markets and 25 currencies around the world, PayPal enables global commerce, processing more than 7.6 million payments every day. Because PayPal helps people transact anytime, anywhere and in any way, the company is a driving force behind the growth of mobile commerce and expects to process $20 billion in mobile payments in 2013. ""

 ක්‍රියාකාරී ගිණුම් මිලියන 128 ක්,රටවල් 193 පුරාවටම මුදල් එකක 25 එක්ක දවසක මුළු ගනුදෙනු ප්‍රමාණය මිලියන 7.6 ක් වෙනවා. ඔයාලට හිතාගන්ඩ පුළුවන් එටකොට paypal වල තත්වේ කොහොමද කියල.

 ඔබ අන්තර්ජාලයේ ගනුදෙනු කරනවානම් paypal ගිණුමක් අනිවාර්යෙන්ම ඕන වෙනවා. මොකද දැනට ලෝකයේ වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් වෙන්නේ paypal ල හරහා. හරි  එහෙනම් මම මුලින්ම paypal වල register වෙන හැටි බලමු. මම මුල ඉදන් සේරම කියල දෙන්නම්.මොකද දන්නැති අයත් ඉන්ඩ පුළුවන්නේ.
හරි එහෙනම් මේ banner එක click කරන්ඩ .

එටකොට ඕපන් වෙන්නේ paypal main page එක. එකේ උඩම දකුණු කොනේ තියනවා sign up කියල එකක් එක click කරන්ඩ.
ආ පොඩි දෙයක් කියන්ඩ බැරි උනා.පොඩි කීවට පොඩිත් නැ.වැදගත්ම දේ තම paypal හරහා අපි ලංකාවෙන් පිටට සල්ලි ගත්තට ලංකාව ඇතුලට සල්ලි ගෙන්නන්ඩ තාම අවසර නැ කියන එක.ඒ සදහා මේ වන තෙක්ම මහා බැංකුව නීති සම්පාදනය කර නොතිබීම තමා මේකට හේතුව.කණගාටු වෙන්ඩ එපා මහා බැංකුවෙන් දැන්නම් කියල තියෙන්නේ paypal සදහා සම්පුර්න නිදහස දෙනවා කියල.දැනටමත් ඒ සදහා වැඩ කටයුතු කරනවලු.මම හිතන්නේ ලගදීම අපට ඒ නිදහස හම්බෙයි.ඔය මොනවා නැතත් අපේ  යාලුවොනන් මේ වෙනකන් paypal වලින් ලංකාවට සල්ලි ගත්තා පොඩි හොර වැඩක් දාලා.මලයාසිය විදිහට හදල. ඔයාල ඒ විදිහට ලියාපදිංචි වෙන්ඩ හිතනවානම් දැන් රෙගිස්ටෙර් වෙන්ඩ එපා.හැබැයි දැන් මලයාසිය වලට වාරණයක් දාල කියල ආරංචි..මේ දවස්වල පිලිපීන් වලට තමා හදන්නේ.ඒ ගැන බ්ලොග් ගොඩක් ලියපුවා තියනවා.පොඩ්ඩක් හොයල බලන්ඩ.
මම කියන්නේ 100% නීත්‍යනුකුල විදිහට හදන ක්‍රමය.මොකද ලගදී නිදහස දුන්නොත් ඔය අවුල ඉවරනේ.
sign up ගියාට පස්සේ Your country or region කියල box එකක් එයි.එකේ ලංකාව තොරන්ඩ . ඊළගට PayPal Account Type එක තොරන්ඩ  ඇති.මෙන්න බලාගන්ඩ  type ටික.


බලල තමන්ට ගැලෙපෙන එකක් තොරගන්ඩ.සමන්නියෙන් ගොඩක් අයට Personal හොදටම ඇති නිසා මමත් Personal ගැන කියල දෙන්නම්.හරි දැන් get start කියන button එක click කරන්ඩ. දැන් ඔයාලට ඇවිත් ඇති Enter your information කියල page එකක්. ගොඩක් වැදගත් මේ පියවර ටික. addres bar එක බලන්ඩ https://www.paypal.com/lk/cgi-bin/we.............. මේ විදිහේ එකක්ද කියල.දැන් මේ form එක පුර්වන්ඩ තියෙන්නේ.මේවට ඔයාලගේ ඇත්තම තොරතුරු දෙන්ඩ බොරු දෙන්ඩ එපා. Email address එකට අලුතින් හදාගත්ත එක දෙන්ඩ.මේ විස්තර වෙන තැනක type කරලා past කරනවානම් ගොඩක් හොදයි.නම් ඔයාගේ බැංකු පොතේ විදිහට තොරතුරු දෙන්ඩ. ඒ විදිහට නිවැරදිව පුරවද ඉතුරුවත්. ලිපිනයට ඔබගේ තැපැල් ලිපිනය දෙන්ඩ. Postal code එක ඔයාලගේ තැපැල් කන්තෝරුවෙන් දැනගන්ඩ පුළුවන්.එහෙම නැත්තන් මෙතැනින් බලා ගන්ඩකෝ.
Link my credit card so I can start shopping right away (recommended) එකට ටික් එක දාලා card විස්තර දෙන්ඩ. CSC කියන්නේ card එකේ back side එකේ අත්සනට දකුණු පැත්තේ තියන ඉලක්කම් 3 . හරි දැන් සේරම පුරවල ඉවරයිනම් agree කරන්ඩ.
දැන් ඔයාගේ Email එකට එන msg එක තියන ලින්ක් එකෙන් ලොග් වෙන්ඩ.
දැන් acount එක හදල ඉවරයි.දැන් තමා ලොකුම වැඩේ තියෙන්නේ.

Verify your payapal credit card or debit card


               දැන් හොදට බලන්ඩ ඔය add කරපු card එක unverify  කියලා ඇති Status වල. එකට ගියහම කියයි 100$ limit එකක් තියනවා. limit එක අයින් කරගන්ඩ verify කරන්ඩ කියල.ඒ වගේම verify එක 1.95$ විතර එයාල කපා ගන්නවා.
මුලුන්ම card එක internet active කරගෙන verify my card කියල ලින්ක් එකක් ඇති එක click කරන්ඩ.දැන් අර  1.95$  ඔයාගේ card එකෙන් කැප ගත්තා කියල කියයි.දැන් ඉතින් computer එක off කරලා හොද හුස්මක් අරන් දවස් 4 කින් විතර ඔයාගේ බෑන්ක් card center එකට call එකක් දීල paypal verification cord එක ඉල්ලගන්ඩ.digit 4ක් cordඑකක් හම්බෙයි.එක paypal එකේ card verify වලට දෙන්ඩ.දැන් ok කරන්ඩ.ඔයාල වැඩේ හරියට කරනම් ඔයාගේ account එක verifyed කියල පෙන්නයි. ඒ වගේම ඔයාගේ card එකෙන් කැපුණු සල්ලිත් අපහු ඔයාගේ ගිණුමට බැර වෙලා තියෙයි දවස් 2 කින් විතර . දැන් ඉතින් හිතේ හැටියට තමන්ගේ වැඩේ කරගන්ඩ තියෙන්නේ.  ඔයාලට profile වලට ගිහින් ඔයාගේ bank account එක උනත් කෙලින්ම add කරන්ඩ පුළුවන් .swift cord එකක් ඉල්ලයි bank එකට call කරලා අහගන්ඩ.
 ඔයාලට paypalලගේ  fees ගැන දැනගන්ඩ ඔන්නනම් මෙන්න  මෙතනින් දැනගන්ඩ. මම පහල දලත්  තියනවා.


මෙතන withdrawal fees නැත්තේඇයි කියල බලනවා ඇති.මම කලින් කීවෙ ලංකාවට withdrawal කරන්ඩ තම හැකියාවක් නැ කියල.එහෙනම් ඉතින් මම මටක ව්දිහට step එහෙම දුන්නේ යාලුවනේ.මොකද මම දැන් paypal හදල අවුරුදු 4 ක් විතර මට step හරියටම මතක නැ.මොකක හරි අවුලක් අවොත් comment කරන්න. ඊළගට තවත්  PAYMENT PROCESSORS කෙනෙක් ගැන ලියන්නම්.
PAYMENT PROCESSORS  ගැන පළමු ලිපිය බලපු නැති අය මෙතනින් බලන්ඩ.හැමෝටම සුබ දවසක්.

Wednesday, July 24, 2013

PAYMENT PROCESSORS ගැන සිංහලෙන් හැම දෙයක්ම




                           








 හැමෝටම සුබ දවසක් යාලුවනේ. හුගක් දවසකින් බ්ලොග් එකක් ලියන්ඩ බැරි උනා.ඉස්සරහහට වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න හිතන් ඉන්නවා.බලමු.වැඩි කතා නැතුව වැඩේට බහිමු එහෙනම්. අද මම කියන්ද හදන්නේ ගොඩක් නෙට් එකේ මුදල් ගනදෙනු කරන අයට වැදගත් දෙයක් ගැන.  PAYMENT PROCESSORS .මම PAYMENT PROCESSORS ගැන ලියන්න හිතුවේ මම ගිය ටිකේ ගත්ත අත්දැකීම් ඔයලාටත් වැදගත් වෙයි කියල හිතපු හන්ද.මම ගිය ටිකේ සැහෙන කට්ටක් කෑවා මේ ගැන හොයන්ඩ.මට සල්ලි වගයක් transfer ඔන වෙලා බලපුවහම යවන්ඩ පුළුවන් PAYMENT PROCESSORS ලා සමානියෙන් හුරු පුරුදු නොවන ඒ වගේම free එක ගොඩක් වැඩි අය.ඉතින් මම PAYMENT PROCESSORS ගොඩක් හවුල් කරගෙන ලොකු mission එකකින් පස්සේ තමා මගේ වැඩේ කරගත්තේ. සමානියෙන් අනිකේ web site use කරනවා වගේ නෙමේ PAYMENT PROCESSOR SITE use කරන්ඩ කලින් verify කරන්ඩ ඕන. ලොකුම කෙස් එක ඕක කරන්ඩ  දවස් 2-10 අතර  වත් යනවා. මට මගේ වැඩේ සති 2ක් විතර පරක්කු කරන්ඩ උනා ඔය verify seen එක හන්ද.හරි වල්පල් නැතුව වැඩේට බහිමු. PAYMENT PROCESSORS ගැන ගොඩක් ලිපි  තියනවා මම දැක්කා එත් අංග සම්පුර්න ලිපියක් මට අහු උනේ නැ.එක නිසා මම 0 ඉදන් සම්පුරණ විස්තරේ ලියන්ඩ හිතවා.

PAYMENT PROCESSORS කියන්නේ මොනවද.

                  PAYMENT PROCESSORS කියන්නේ internet එක හරහා මුදල් ගනු දෙනු කරන්ඩ පුළුවන් website වලට කියන නම.මේ site online bank එකක් විදිහට,  online money transfer කරන්ඩ, online payment කරන්ඩ,නැත්තම් ඔයාල E- money වලින් හොයන මුදල් අතට ගන්ඩ වගේ වැඩ වලට යොදගන්ඩ වෙනවා . මෙයlලා හරහා මුදල් ගනුදෙනු කරනකොට එකිනෙකට වෙනස් Conditions තියනව.ඒ වගේම මෙයාල අයකරන service fees එක්කනගෙන් එක්කනට වෙනස්. සමහර අයට මේ වගේ site දැම්ම වැඩක් නැනේ. කියල හිතෙයි ඕක මොකද්ද ඕන උනහම සුටුස් ගලා register වෙනවා කියල හිටන්යි.එත් මමනම් කියන්නේ ඔයාල 18 පැන්නහම id passport හදනවා වගේ මේ site වලත් account හදල verify කරලා තියනවනම් හොදයි කියල . මොකද ලොකු හදිස්සියක් වෙලා මේවා හදන්ඩ ගියොත් වැඩේ ඇනෙනවා.මොකද මේවා හදිස්සියේ කරන්ඩ පුළුවන් වැඩ නෙමේ.ඔයාලට ගොඩක් හුරු පුරුදු එක site එකක් තමා paypal කියන්නේ.ඔය වගේ site සැහෙන ගානක් තියනවා.මම ඒ site වලින්  ගොඩක් වැදගත් නිතරන use කරන site ටිකක් දෙන්නම් හැම පැත්තම cover වෙන විදිහට.කනගාටුවෙන් උනත් කියන්ඩ වෙනවා මේක internet එකනේ.ඒ නිසා   spam site එහෙමත් නැතුව නෙමෙයි.ඒ වගේම ඔබේ user name password උස්සන්ඩ් බලන් ඉන්න හොරුත් සහෙන්ද ඉන්නවා.

PAYMENT PROCESSORS එක්ක වැඩ කරනකොට දැනගෙන සිටිය යුතු වැදගත් කරුණු.


  • ගිණුමේ ආරක්ෂාව-ඔබ ගනු දෙනු කරන්නේ මුදල් එක්ක නිසා  ලොකු ආරක්ෂාවක් තියෙන්ඩ ඕන.එක නිසා කවදාවත් මේ වගේ site වලට ලොග් වෙද්දී site වල register වෙද්දී username passwaord,card numbers වගේ දේවල් කෙලින්ම type කරන්ඩ එපා. කලින් ඔයාගේ විස්තර notepad එකක type කරලා තියාගෙන copy කරලා අදාල තැනට past කරන්ඩ.මේක ගොඩක් වැදගත්. මොකද ඔබගේ දැනුවත් බාවයකින් තොරව ඔබගේ පරිගණකයේ ඔත්තු බලන පොඩි පොඩි app,add-ons,toolbars වගේදේවල් ඉන්ස්ට්‍රෝල් වෙලා තියෙන්ඩ පුළුවන්.මේකෙදි වෙන්නේ ඔයා  user name password type කරන අවස්ථාවල press වෙන key ටික app එකෙන් බලන් ඉදල Screen shot එකක් එක්ක එක්ක මහා හොරට E mail කරන එක.එටකොට වෙන දේ හිතා ගඳ පුළුවන්නේ. අනික තමයි ඔයාගේ mail inbox එකට එන මේල් වලින් කවදාවත් PAYMENT PROCESSOR site එකට ලොග් වෙනද යන්ද එපා. mail එක ස්පෑම් එකක් උනොත් sorry ම තමා. දැන් බයවෙන්ද කාරණාවක් නැ.ඔයාගේ ඇන්ටි වයිරස් එකක් තියනවනම් හුගක් වෙලාවට මේවා  අල්ලනවා. වැඩි හොදට ඔහොමත් කරන්ඩ. අනික් වැදගත් කාරණාව තමයි PAYMENT PROCES  siteඑකට log in වෙන page එකේ  adderss bar එකේ https:// කියල තියෙන්ඩ ඕන ඉබ්බෙකුත් එක්ක.. එහෙම  නැත්තන් ඔබේ විස්තර දෙන්ඩ එපා.එක එකම නමින් තියන ස්පෑම් එකක් වෙන්ඩ පුළුවන්.ඒ වෙලාවට restart කරන්ඩ page එක.  අලුත්  Email එකක් තියනවනම් හොදයි PAYMENT PROCES SITE වලට වෙනමම. එකම ip එකකින් ලොග් වෙන එකත් ගොඩක් හොදයි.ඔබගේ පුද්ගලික පරිගණකයකින් පමණක් ලොග් වෙන්න.
  • මම කලින් කීව වගේ මෙයාලගේfees එක ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්.
  • අනික තමයි Privacy Policy,Terms & Conditions,වගේ දේවල් දැනගන්න එකත් ගොඩක් වැදගත් ගනුදෙනු වලට කලින්
  • අනික තමයි මෙයාල ගන්න transfer time එක.
  • ලංකාවට support කරනවද කියන එක.


හරි එහෙනම් මුලුන්ම මේ ලිපි ගොනු ටික ලස්ටි කරගන්ඩ ඕන register වෙන්ඩ කලින් 


  • බැංකු ගිණුමක්
  • credit හෝ debit card පතක්- -ලංකාවේ නෙට් පේමන්ට් වලට suport කරන්නේ Hatton National Bank,Commercial Bank,සහ sampath web card පමණයි.මේ බෑන්ක් 3න් එකක card එකක් හදන මතක ඇතුව නෙට් payement active කරගන්ඩ.මගේ card එක hnb මම පේමන්ට් කරන්ඩ ඕන වෙලාවට call එකක් දීල active කරගන්නවා.එක හැම අතින්ම හොදයිනේ.
  • ඔබගේ අනන්‍යතාව තහවුරු කල හැකි දෙයක scan copy එකක්. මෙන්න මෙවන් එකක් තමා ඔය කියන්නේ  passport, international passport, driver license, local ID card. මේවගෙන් එකක්.අපේ id එක සිංහලෙන් තියන නිසා පොඩි අවුලක් යනවනේ සුද්දට.එක නිසා බලදරියෙක් ලවා english වලට තහවුරු කරගන්ඩ ඕන.මතක ඇතුව සීල් එකකුත් තියාගන්ඩ .මෙන්න උදාහරණයක් බාගෙන බලන්ඩ..
  • ලිපිනය තහුරු කරන්ඩ  utility bill, stamped bank statement or a certificate එක්ක scan copy එකක්.ඕකට හොදම බැංකු පොතේ විස්තර තියන තැන copy එක තම
  • ඔයාගේ debit card එකේ දෙපැත්තේම Scan copy එකක්.
 එහෙනම් ඔය ටික ලැස්ති කරගෙන ඉන්ඩකෝ මම ඊලග ලිපියෙන් වෙන වෙනම එක එක site එක ගැන ලියන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දණ්ඩ 



Friday, July 5, 2013

Stage එකක් අල්ලේ නටවන්ඩ With Sunlite Suite-Computerized lighting controller




           කොහොමද ඉතින්.අද මම කියන්න යන්නේ අලුත්ම subject එක්ක ගැන.මම  අල්ලේ නටවනවා කීවට වේදිකාව උඩ තමා නටන්නේ.අපි ඇත්තටම කරන්නේ controling.දැන් දන්නවා ඔයාල මේ කියන්න යන්නේ satagers controling වගේ දෙයක් ගැන කියල. කොටින්ම කියනවනම් light system  design and countrol  ගැන එහෙමත් නැත්තම් Computerized lighting control ගැන තමා කියන්න යන්නේ. ඔයාල දන්නවා ඇති දැකල ඇති music stagers,වල partyes වල night club වල වගේ ගොඩක් රාත්‍රී උත්සව වල ලොකු ලොකු light systems එකෙක animations එක්ක move වෙනවා.ගොඩක් වෙලාවට music එකට අනුව animate වෙන ස්බාවයක් එහෙම තියනවා.සින්දුව live කියනකොට lights,LED,dry ice,music,sound, වගේ ගොඩක් දේවල් ඒ music එකටම සමාන්තරව යන්නේ කොහොමද කියල ඔයාලට හිතිල ඇති. හිත හිතා ඉන්ඩ ඕනේ නෑ.අද මම ඔය සේරම ගැන කියනවා.මේ බ්ලොග් එක ඉවර වෙනකොට ඔයාලටත් ඒ දේවල් කරන්ඩ පුළුවන්.කරන්ඩ කලින් පොඩි idia එකක් ගන්ඩත් එක්ක මම  දාල තියන image ටිකත් බලන්ඩකෝ.

 ඇත්තටම ඔය සේරම පාලනය වෙන්නේ එක operater කෙනෙක් යටතේ.බය වෙන්ඩ දෙයක් නැ ඔය සේරම සොෆ්ට්වෙයා එකකින් තමා වූ  කරන්නේ.මම කියන්නම් එහෙනම් මේකේ වෙන ජිල් මාර්ට් එක 
මොකක්ද කියල. ඊට කලින් ඕකට ඕන ගැජමැටික් ටික කියන්නම්කො.

01.මුලින්ම ඕන සොෆ්ට්වෙයා එක රන් කරන්ඩ දාවකයක් ඔය කියන්නේ PC එකක් ගැන.ඕක ඉතින C උනත් ඇති. සොෆ්ට්වෙයා එකත් ඕන Sunlite Suite කියල.සොෆ්ට්වෙයා www.nicolaudie.com එකෙන් free බගන්ඩ පුළුවන්. habai ඉතින් ඕක වැඩ කරන්නේ අපේ බිල් ගේට් මහත්තයාගේ ජනේලය OS එකේ විතරයි.

02.තව DMX Interface එකක් ඕන.ඔය ලොකු ලොකු ටෝක් වලින් තිබුනට ඕක හරිම පොඩි ගැජේට් එකක්.පොඩි උනාට ඕක සැහෙන ගානක් වෙනවා.මුළු site එකම control වෙන්නේ DMX interface එක ඇතුලේ තියන IC වලින්.මම පල්ලයහ පොටෝ එකක් දාල තියනවා.

ඔය දෙක conect කරන්ඩ usb cabel එකක්, සහ ඔයාලට වේදිකාවේ set කරන්ඩ ඕන ගැජෙට් ටිකත් ඕන.leaser beams,leaser projecters,farcanes, Music and sound units,DJ units,gas units,Fire units,ets.



    .මුලින්ම සොෆ්ට්වෙයා එක use කරලා අපේ ඔයාල හොදට පුරුදු වෙන එක තම කරන්ඩ තියෙන්නේ.ඔතන කරන්නද තියන ලොකුම සහ එකම වැඩෙත් ඔච්චරයි.ඔච්චරයි කීවට ඔය stage එක set කරන එකත් කටු වැඩක්. ඔයාල දන්නවා ගොඩක් satgers හදන්නේ තාවකාලිකව . ඔය යටම image තියන විදිහට මුලින්ම stage එක නිර්මාණය කරනවා. ගොඩක් වෙලාවට ලංකාවෙනම් වෙන්නේ යකඩ කණු ගහල ඒවා උඩ skelital frame යවන එක.සෙවිලි කරන්ඩ තහඩු බාවිතා කරනවා.ඔයාලට හිතෙයි ඕක නිකන් ටකරන් hut එකක් හදනවා වගේ වැඩක්නේ කියල.නැ එහෙම නෑ.ඔය සේරම ගොඩක් සක්තිමත්ව හදන්න ඔන. මොකද ඔය image වල තියන light beams ගන්ඩ ගොඩක් light projecters වර්ග බාවිතා කරනවා.ඔය එකක් කිලෝ50-60විතරවෙනවා.සමහර ඒවා ඊටත් වැඩි. ඒ වගේ unit 100-200 එල්ලනවා. එටකොට ඕවගේ එන බරත් එක්ක ඔයාලට පුළුවන් කොයි වගේ ප්‍රමිතියකින් හදන්ඩ ඕනද කියල හිතාගන්ඩ satge එකක්. කොහොම හරි ඔය ටික සෙට් කරලා ඉවර උනාට පස්සේ ඔය සේරෝගේම data cabels DMX එක හරහා computer එකට conect කරනවා.ආ මට අමටක උනා data විතරක් දුන්නට මදි power දෙන්දත් ඕන. ගොඩක් වෙලාවට තෙකලා විදුලිය ගන්ඩ  වෙනවා.

        හරි දැන් කොහොම කොහොම හරි ඔය වැඩ ටික ඉවර වෙලා ඔය සෙට් කරපු ගැජට් සේරම වැඩද කියල චෙක් කරලා ඉවර උනාට පස්සේ තමයි  Sunlite Suite ඕන වෙන්නේ. කොටින්ම කෙවොත් Sunlite Suite එකට මුළු stage එකමcopy කරන්ඩ ඕන. copy  කරනවා කියන්නේ, stage එකේ units පිහිටලා තියන විදිහටම units add  කරලා stage එකේ දිග පළලටම satge එකකුත් create කරලා තව ඔය ලියන ලට්ට ලොට්ට සේරමත් add කරන්ඩ ඕන.මේක ගොඩක්මනම් අමාරු නැ හොදට පුරුදු උනාට පස්සේ.ගොඩක් තියෙන්නේ items drag and drop කරන්ඩ තමා.මොකද Sunlite Suite  එකේ ඔය units සේරම තියනවා.ඕනනම් Sunlite Suite එකේ ඔයාලගේ project එක 3D පෙන්නනවා.colors animetions එහෙම දීල ඉවර උනාට පස්සේ 3D viwe එකකුත් දීල බලන්ඩ පුළුවන් කොහොමද වැඩ වෙන්නේ කියල.
              මම කීවෙ ඔය ඇත්තටම වෙන්ඩ ඕන ක්‍රමය තමා. ඒ උනාට මම දැකල තියන ගොඩක් ලංකාවේ අය කරන්නේ මුලින් Sunlite Suite එකේ හදල Sunlite Suite එකේ තියන විදිහට stage එක හදන එක තමා.තව අය ඉතින් ඔය මොකවත් නැතුව Sunlite Suite  එකට දෙන templates එක බලන stage හදන වැඩෙත් කරනවා. කොහොම හරි කමක් නැ වැඩේ වෙනවනම්.මම කියන ඒවා සමහරවිට ඔයාලට තේරෙනවා මදි වගේ ඇති.ටිකක් හදිස්සියෙන් තමා ලීවේ. ඔයාල Sunlite Suite  බාගෙන පොඩ්ඩක් අතගාල බලන්ඩ.ගොඩක් අමාරු නැ.ඒ වගේම දැන් Sunlite Suite 2 ඇවිත් තියනවා.ගොඩක් අලුත් options තිබුන.මමනං හිටනවා ඔයාලට මුලින්ම Sunlite Suite 2 use කලොත් එපා වෙයි කියල.එක නිසා Sunlite Suite 1 එකෙන්ම පටන් ගන්ඩ.එකේ ගොඩක් සරලව තියනවා.මම Sunlite Suite ගැන කියල දෙන්ඩ යන්නේ නෑ.මොකද මම දැක්කා Sunlite Suite ගැන ගොඩක් වීඩිඕ youtube එකේ තිබුණා.ඒවා බලලා Sunlite Suite ඉගෙනගන්ඩ පුළුවන්.අයේ මම ලියන එක තේරුමක් නැ.අනික කියවනවට වඩා බලන් කරනකොට ඇගට වැදෙන ගතියකුත් තියනවනේ. එහෙනම් ඉතින් කරලා බලල Comments එකක් දාලම යන්ඩ.මොනවා හරි ප්‍රශ්න තියනවනම් අහන්ඩ.මම උඩ කියල තියන ගැජෙට් වල පොටෝ ටිකක් දැන්නම් පහලින්.
         
DMX interface එක තමා ඔය කොළ පාටට තියෙන්නේ.

Skelital Frames
lights




.එහෙනම් හැමෝටම සුබ දවසක්.......................................................................

Friday, June 21, 2013

Online Hard disk එකක් නොමිලේ

How to get 7GB minimum memory free


අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක්.ඇත්තටම ගොඩක් අයට තියන ප්‍රස්නයකට තම අද විසදුමක් දෙන්ඩ යන්නේ.අපි හැමෝටම ඕනෑම වෙලාවක ඇති වෙන්ඩ පුළුවන් අවුලක් තම hard එක error ව්ම නැත්තම් bad secters හැදීම සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වීම වගේ දේවල්.ඒ වගේ දෙයක් උනොත් අපේ වැදගත් කියන දත්ත වලට හානි වෙන්ඩ හරි නැත්තම් සම්පුර්නයෙන්ම නැති වෙලා යන්ඩත් පුළුවන්. මම හිතනවා ඔයාල හැමෝම මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියනවා. ඒ වගේම ඔයාල ගොඩක් pen drive ,CD ,DVD,නැත්තම් External Hard disk දේවල් use කරනවා ඇති ඔයාලගේ data හුවමාරු කරන්ඩ .තැනින් තැනට රැගෙන යන්ඩ.එහෙමත් නැත්තම් ඔයාලගේ වැදගත් data save කරලා තියාගන්නත් CD ,DVD වගේ දේවල් use කරනවා ඇති.නමුත් මේ දේවල් එතරම් සාර්ථක දේවල් නෙමේ.මොකද CD , DVD,pen ,EHD  වගේ දේවල් වල තියන දත්ත හානි වෙන්ඩ තියන ඉඩකඩ වැඩි.ඒ වගේම මේ සදහා අඩික පිරිවැයක් දරන්ඩ් ත් ඔයාලට සිදු වෙනවා.නමුත් මම අද කියල දෙනවා ගොඩක් සාර්ථක වගේම නොමිලේ ඔයාලගේ data save කරලා තියාගන්ඩ සුපිරි ක්‍රමයක්.හරියටම කීවොත් මේ පොස්ට් එක ඉවර වෙනකොට ඔයාලට සතයක්වත් වියදම් නොකර 7 GB data Space එකක් හම්බෙනවා.හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු .


              ඇත්තටම මේ සදහා අපි සේවා සපයන වෙබ් site එකකට ගිහින් register වෙන්ඩ ඕන මුලින්ම.ඊට පස්සේ අපේ data අපි register උන acount එකට upload කරන්ඩ ඕන.නමුත් ඔයාල හිතනවා ඇති එතකොට අපේ data සුරක්ෂිත වෙනවද කියල.ඔව් අත්ටටම ප්‍රස්නයක් තම. එක නිසා තම අපි අපේ acount එක පිළිගත්ත විස්වාසවන්ත site එකක open කරන්ඩ ඕන.හරි මම දෙන්නම් 100% විස්වාසවන්ත site 2ක්. ඔයාල හැමෝම දන්නා Gogle හා Yahoo කියන සමාගම් තම අපි තොරගන්න්නේ.හරි එහෙනම් මුලින්ම register වෙලා ඉමුකො. 


Google Drive



                       google ලා අපිට දෙනවා 5 GB drive එකක්.එකට කියන්නේ google drive කියල.ඔයාල සමහරවිට අහලත් ඇති.හරි එහෙනම් මම ලින්ක් එක දෙන්නම්. මේ විස්තර බලලම ඉන්න .


register වෙන්ඩ අමාරු කෙනෙක් ඉන්නවනම් මම පියවර කියන්නම්.ඔය උඩ්  තියන ලින්ක් එකට ගියහම තියනවා Goto your drive කියල button එකක්.නිල් පාටට. අන්න එක click කරල එන page එකේ Sign 
in කියන තැන ඔයාගේ Gmail address එකයි password දෙන්ඩ.අයේ අමුත්වෙන් Form පුරවන්ද ඕනේ නැ.ඔයාගේ Gmail එකෙන්ම තම log වෙන්ඩ තියෙන්නේ. හරි ඔයාල හරියට වැඩේ  කරානම් දැන් තියෙන්නේ aplication එක Download කරන එක.ඔය page එකේ පහළ ඇති Download Drive for PC කියල.අන්න එතනින් මෙයාල දෙන app එක බාගන්ඩ.එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ බලන්ඩ ඔයාලගේ destop එකේ google drive කියල Folder එකක් හැදිලා ඇති.දැන් කරන්ඩ තියෙන්නේ ඔයාලගේ වැදගත් File සේරම ටික ඔය Folder එකට Move කරන්ඩ.එහෙම නැත්තම් Cut and past කරන්ඩ.බය වෙන්ඩ දෙයක් නැ ඊට පස්සේ මෙය ඔටෝ Upload කරගන්නවා.upload වෙන්ඩ ඔයාගේ නෙට් එකේ වේගය බලපානවා.කොහොම හරි මේ විදිහට ඔයාට 5 GB දක්වා upload කරගන්ඩ පුළුවන්. දැන් ඔය upload කරපු data ලෝකේ අනික් කෙළවරෙන් Acount එකට log වෙලා උනත් ගන්ඩ පුළුවන්.ඔයාට නෙට් Conection තියන ඕනෑම Electronic Gajet එකකින් ඔය Upload කරපුව නැවත බාගත් කරන්ඩත්.තව තව දේවල්.upload කරන්ඩත් google+ වලින් share කරන්ඩත්.ඔයා යවන Mail වලට tag කරන්ඩත් පහසුවෙන්ම පුළුවන්.කොටින්ම කීවොත් මේක Combo Box එකක්. දැන් ඔයාලට කාලයක් යනකොට 5 GB මදි වගේ දැනෙනවනම් ඔයාලට ඇති තරම් Upgrade කරගන්ඩ පුළුවන්.හැබැයි  ඉතින් එතකොටනම් පොඩි ගානක් ගෙවන්ඩ වෙනවා.එක අවුලක් වෙන්ඩ බැ pen වලට වියදම් කරන සල්ලි දැන් ඉතුරුයිනේ.





Dropbox






 මේ සේවාව ලබා දෙන්නේ yahoo එකෙන්.මුලින්ම මෙයාලගේ register වෙන්ඩකෝ මෙතන click කරලා.  ඔයාලට මුලිනම් 2 GB තම හම්බෙන්නේ.ඔයාල data Upload කරහම 500 MB දෙනවා. facebook twiter වලට Connect කරහම තම MB හම්බෙනවා.  ඒ වගේම තවත් ගොඩක් ක්‍රම වලින් Space එක වැඩි කරගන්ඩ පුළුවන් free.මේකත් google drive වගේම තම.app එක ඉන්ස්ට්‍රෝල් කරහම destop එකේ folder එකක් පෙන්නනවා.ඔයාලට yahoo mail යවනකොට tag කරන්ඩත් කැමතිනම් fb වල වගේ site වල share කරන්ඩත් පුළුවන්.500 GB විතර වෙනකන් Upgrade කරන්ඩ දෙනවා මෙයාල.ඒ වගේම කාලෙන් කාලෙට free MB දෙන හන්ද ඔයාලගේ drive එකේ space එක වැඩි කරගන්දත් පුළුවන්.මේ item එක තමා google වලට අමටරව dropbox වල පමණක් තියන service එක.










මම හිතනවා අදින් පස්සේ කට්ටියට data ගැන වද වෙන්ඩ දෙයක් නැතුවැති  කියල.මමනම් දැනට මේ 2 කම use කරනවා.ඒක  ගොඩක් පහසුයි මටනම් ඕන තැනකින් log වෙලා මගේ වැඩේ කරගන්ඩ පුළුවන්.   විශේෂයෙන් pc එකේ තියන දේවල් Upload කරලා phone එකෙන් බලන්ඩ පුළුවන්.අ තව දෙයක් තියනවා.ඔයට ඔයාගේ drive එකට log වෙන්ඩ මම කලින් කියපු application එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉන්ඩ ඕන.phone වලට වේනම්  app එකක් එනවා.  එහෙනම් වැදගත් දෙයක් ලීවා කියල හිටනවා.ප්‍රශ්නයක් තියනවා නම් Comment එකක් දාන්ඩ.මම reply කරන්නනම්.එහෙනම් හැමෝටම සුබ දවසක්.







Wednesday, June 12, 2013

ලකාවේ අපිට Forex trading අකැපද?


                   ඇත්තටම ඔයාල අහල ඇති  Forex trading ගැන.අහල නැත්තම්  Forex trading කියන්නේ ලංකාවේ කොටස් වෙළදපොල නැත්තම් Stock market වගේ එකක්. හැබැයි එතින් Stock market එකට වඩානම් ගොඩක් සන්කීරණයි . මේ දෙකේ වෙනස තම   Stock market එකේ විකිනෙන්නේ කොටස්.නමුත් Forex market එකේ විකිනෙන්නේ මුදල්.ඒ කියන්නේ මුදල් විකුණලා මුදල් හම්බ කරන එක තම Forex වලදී කරන්නේ.
                      ඒ ගැන එච්චර හිතන්ඩ එපා.ඕක වෙන්නේ විනිමය අනුපාත එක්ක. Foriegn හා Exchange        කියන වචන දෙක එකතු වෙලා තම Forex කියන වචනේ හැදිලා තියෙන්නේ.මම Forex ගැන කියල දෙන්ඩ යන්නේ නැ.මොකද Forex ගැන ලියපු ගොඩක් බ්ලොග් තියනවා.එක නිසා මමත් ලියන එක තේරුමක් නැ.ඔයාලාට  Forex ගැන දැනගන්ඩ ඕනනම් google ගිහින් බලන්ඩ පුළුවන් පොඩි search එකක් දාල.

                ඇත්තටම Forex කියන්නේ තමාගේ එකම රැකියාව Forex කරගෙන ගෙදර ඉදන් මුදල් උපයන්ද පුළුවන් සාර්ථක මගක්.එත් ඉතින් ලොකුවට උපයන්ඩ වගේම ලොකු අවදානමකුත් තියනව කියල මතක් කරන්ඩ ඕනෑ.ලංකාවේ 2008,2009 විතර වෙනකොට ලොකු රැල්ලක් තිබුන Forex ගැන.එක නිසාම හුග දෙනෙක් Forex වලට යොමු උන.එත් එක්කම Forex කියා කියා class.වෙබ් sites වගේම Forex නොමිලේ කියා දෙන බ්ලොග් අඩවිත් හතු පිපෙන්නා වගේ අවා.ඒවගෙන් බහුතරයක් යටි අරමුණු ඇතුව තිබුණු ඒවා උනත් යහපත් අරමුණින් නොමිලේ කියා දෙන sites එහෙමත් තිබුන.කොහොම කොහොම හරි ගොඩක් පිරිසක් කිසිම දැනුමක් නැතුවම Forex කරන්ඩ කියල බැස්සා.නමුත් Forexකියන්නේ ගොඩක් ඉවසීමෙන් දැනගෙන කරන්ඩ ඕනෑ දෙයක්.ඉතින් ඔයාලට හිතෙනවා ඇතිනේ මොකද උනේ කියල.ගොඩක් එවුන්  ඇන ගත්තා.ගොඩක් අය තමන්ගේ මුදල් දාල loss උනාට පස්සේ බයින එක තම කලේ.ඔය අතරේ මහ බැංකුව බැලුව මෙහෙම ගියත් රටේ සල්ලි පිට ගිහින් තියන නයත් එක්ක නන්නත්තාර ම වෙනවා. මොකද Forex වල profitඑක ගන්න අය බැලුවොත් 5%යි.95% ම loss තමා.එක නිසා මහ බැංකුව තීරණය කල ලංකාව තුල Forex තහනමක් පනවන්න.මොනවා කරන්ඩද කරුමේ තමා .ඉතින් මේ ටික කීවේ නොදන්නා කෙනෙක් ඇති කියල.

Forex වරණය තවමත් තිබේද?


ඇත්තටම ගොඩක් අය හිතුවේ මේ වරණය දිගටම තියෙන්නේ නැති වෙයි කියල.හැමෝම බලන් හිටියේ මේක දියේ ඇදී ඉරක් වෙයි කියල.නැති තැන වැල්ලේ ආදී ඉරක් වෙයිද බැලුව.එත් නැ.ගලේ කොටපු ඉරක්වගේ තාමත් තියනවා.මේකෙන් හරියට කරපු අයටත් ටොපිය ඇදුන.මහ බැංකුව බය උනාට  Forex කියන්නේ නිවැරදි දැනුමක් තුලින් විදෙස් විනිමය හොයන්ඩ පුළුවන් සාර්ථක මගක්.


 
                Forex පිලිබදව ඇහෙන අලුත් කතාව තමා ගොඩක් කණගාටුදායක.මේ දවස් වල paypal නිදහස ගැන කතා කරන අතර වාරයේ. Forex ගැනත් ඇහුන.ඒ ගැන news එක බලන්ඩකෝ.මේ ලින්ක් එකෙන්.රන්දොර site එකේ තියන විදිහට මහ බැංකුවේ ඉහල  නිලදාරියෙක් මේ පිළිබද අනාවරණය කරලා තියනව.




"www.randora.lk-05/06/13)-  ශ්‍රී ලංකාව තුල සිට විදේශ මුදල් වෙළෙදාමේ යෙදෙන හා ප්‍රවර්ධනය කරන පුද්ගලයින් හා ආයතන සොයා මහ බැංකු විනිමය පාලන දෙපාර්තමේන්තුව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසිය.

ශ්‍රී ලංකාව තුල සිට මෙම Forex Trading සිදු කරන හා ප්‍රවර්ධනය කරන බවට අපට යම් යමි තොරතුරු ලැබි තිබෙනවා.ඒවා සිදු කිරිම හා ඒවා ප්‍රවර්ධනය කිරිමත් විනිමය පාලන පනත අනුව තහනම් ක්‍රියාවක් යැයි හෙතෙම කීය.

ණය පත් භාවිතයෙන් මෙම ගනුදෙනු සිදු කළද බැංකු වල ණය පත් වාර්තාවේ අදාල ගනුදෙනුවේ ස්වරුපය අන්තර්ගත නොවිම නිසා ඒවා පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනිම දුෂ්කර වි ඇති බවද කී ඒ මහතා ඒ කෙසේවෙතත්,පනතේ බලතල අනුව අදාල ආයතන හා පුද්ගලයින් පිළිබඳව තම දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවන බවද කීය.

ඇතැමි වෙබි අඩවි මගින් මේ පිළිබඳව අධ්‍යාපණය ලබා දෙන බවට ප්‍රචාරය ගෙන යන බවත් එසේ තහනම් දෙයක් ඉගැන්විමත් වරදක් බවත් හෙතෙම කීය."






 ඒ කියන්නේ Forex කරන අයට ඒ ආයතන වලට ලොකුවටම වැඩේ පත්තු වෙනද යන්නේ.මොකද තහනම් කරට ඒ අයට Forex කරන Forex Traders ල  අල්ලන්ඩ ක්‍රමයක් නැ. ඒ බව news එකෙත් තියනවා.Forex site ටිකනම් දැන් බොහෝ දුරට වහල.uk වල ඉදන් කරන බ්ලොග් එකක් තිබුන පහුගිය ටිකේ ලොකුවටම.එත් දැන් ඒ site එකත් වැඩ  නැ .. ඕක තම අද ලංකාවේ තත්වේ.

මටනං පෙන්නේ මෙහෙම යනකොට හැමදාම අපි කුණු කොල්ලෙට අපිව හුරන් කන් job එකක් කරගෙන පාඩුවේ ඉන්ඩ තම වෙන්නේ.දැනටත් ලංකාවේ නව නිපැයුම් වගේ දේවල් වලටත් නිල නිල නොවන බලපෑමක් තියනවා. ලංකාවේ තරුණ පරපුරට අලුත් පැති, අලුත් මාවත්, අලුත් වියාපාර හොයාගෙන යන්ඩ තියන ඉඩ අහුරමින් තරුණයාව හිර කරලා දාල. තමන්ගේ පටු අරමුණු සපල කරගන්ඩ වෙර දරන දෙස පාලුවන්ට මේ රට ගිලගන්ඩ බලන් ඉන්න මිත්තියා ආගමිකයන්ට මේ රටේ තමන්ගේ බලය පටුරුවන් ඉන්න වියපාරිකයන්ට ලොකු ජයග්‍රහණයක්. තමන්ගේ රට ගැන ආදරයක් තියනවනම් කරන්ඩ ඕන දේ නෙමේ හැමදාම කරන්නේ.
                 මේ රටෙන් ඉගෙනගත්තු අය රට යනවා කියන එක පුදුමයක් නෙමෙයි මේ වගේ නීති  දාල හිර කරනකොට කාට උනත් එක හිතෙනවා.නමුත් මහ බැංකුවට සාදාරන විදිහට මේ ප්‍රශ්න විසදලා නිකරුනේ මුදල් පිටරට  ගලාගෙන  යන්නෙත් නැතුව ජනය දැනුවත් කරලා පහසුවෙන් විනිමය ගෙන්ඩ පුළුවන් මගක් හදන්ඩ හැකියාව පවතිනවා.අරාබියේ ගිහින් හා දුක් විදලා අපේ කාන්තාවෝ ගෙන වීනිමයට කෙල හල හලා මහලුකුවට් කියවන්නැතුව Forex වගේ දෙයක් කරන්ඩ වීදිමත් ක්‍රමයක් නිර්මාණය කරොත් කොච්චර වටිනවද ගෙඩිය පිටින් තහනම් නොකර.යල් පැනගිය ආකල්ප එක්කනම් කරන්ඩ අමාරුයි.එත් අපි ප්‍රර්ථනා කරමු ඇස්  අරෙවා කියල අනාගතෙදීවත්.
             මේ ලිපිය බලලා Forex ගැන - mark එකක් ගන්ඩ එපා.ඉගෙනගත්තොත් වෙන රටකදී වත් බය  නැතුව කරන්ඩ පුළුවන්.එක අතකින් මෙකාත් 18+ sites වැහුව වගේ තමා.එක කිසි ලෙසකින්වත් සැලෙන්ඩ එපා. දැනට කොල්ලුපිටිය දිහා Forex වලට බොර්කර් ආයතනයක් පටන් ගන්න කතාවකුත් තියනවා.බලමු ඉදිරියට.සුබ දවසක්..........ගිහින් එන්නම්......................................
..............
..................................

               



Monday, May 27, 2013

ලොව පිළිගත් බ්‍රිතාන්‍ය CITY&GUILD උපාදියක් ලංකාවේදී




මම මුලින්ම CITY&GUILD  කියන්නේ  මොක්කක්ද කියල කියන්නම්කෝ.
          
            CITY&GUILD කියන්නේ දැනට ලෝකයේ විශාලතම වෘත්තීය සුදුසුකම් පිරිනමන ආයතනය. මේක පටන් අරන් තියෙන්නේ 1878 වර්ෂයේ UK වල. දැනට රටවල් 80 ක විතර මේ ආයතනය පිහිටුවල තියනවා. එක් වර්ෂයකට සහතික පත්ර මිලියන 1.8 ක් ඒ කියන්නේ ලක්ෂ 180 ක් තරම් ඇති විශාල ප්‍රමාණයක් පිරිනමනවා. ඔයාලට දැන් හිතාගන්ඩ පුළුවන්නේ මේ ආයතනය කොයි වගේ තැනකද ඉන්නේ කියල.
                   CITY&GUILD ආයතනයේ අරමුණ වෙලා තියෙන්නේ වැඩකළ හැකි පිරිසක බිහිකිරීම. එක හන්දා මෙයාල විෂය නිර්දේශය හදල තියෙන්නේ Theory සහ  Practicalයන දෙකෙන්ම සමන්විත වෙන ආකාරයට.මෙයාල සිලබස් එක හදන්ඩ විෂය ප්‍රවීණය වගේම  ශ්සේත්‍රයේ දැවැන්ත සමාගම්වල නියෝජිතයනුත් සහභාගී කරවාගෙන තියනවා. එක නිසා මෙයාලගේ විෂය නිර්දේශය ලොකු ගුණාත්මකභාවයක් තියනවා. දැනට ලෝකේ වටේම මෙයාලගේ training centers තියන නිසා ලෝකේ වටේම මෙයාලට ලොකු පිළිගැනීමක් තියනවා.  CITY&GUILD ආයතනය දැනට විෂය ශේස්ත්‍ර 1800 කටත් වඩා වැඩි ප්‍රමාණයක් උගන්වන  හින්ද වෙන තැන වල වගේ ආයතනයට ඕන දේ නැතුව අපට ඕන දේ ඉගෙනගන්ඩ පුළුවන්. තව ඔයාලට වැඩිදුර විස්තර ඕනනම් එයාලගේ  site එකෙන් බලන්ඩ පුළුවන් .එකේ link එක මම දැන්නම්.

              දැන් ඉතින් ඔයාල බය වෙනද එපා මෙවුව   කරන්ඩ  UK යන්ඩ ඕනනේ අනික සල්ලි ගස් 2'3 ක් වත්තේ තින්ද ඕනනේ කියල.එහෙම නෑ . මම කලින් කීව වගේ ලෝකේ වටේම centers තියනවා . ඒ කියන්නේ ලංකාවෙත් ගොඩක් පළාත් වල තියනවා.ඒ වගේම මෙයාලට අපි ගෙවන්ඩ ඕන exam වලට විතරයි.    ඒ වගේම ලංකාවේ තියෙන Centers වලටත් පොඩි ගානක් ගෙවන්ඩ ඕන.හැබැයි පොඩි case එකකට තියෙන්නේ ම්ම් කලින් කියපු 1800 ම මෙහෙ හදාරන්ද අවස්ථාව අපට නෑ . ගොඩක්ම මෙහෙ Engineering Side එකේ course තම කරන්ඩ පුළුවන්.ඊට අමතරව english ,marketing,hospitality වගේ course කරන්ඩ පුළුවන්. ඔයාලට මේ course එකක් කරලා යන්ද පුළුවන් දුර බැලුවොත් ඈත්තටම CITY&GUILD කියන්නේ විශ්ව විද්දයාලයක් .ඈත්තටම ලංකාවේදී උපදිය දක්වාත් එතැනින්  එහාට එගේනගන්ඩ UK ගිහිල්ලත් පුළුවන්.
          ඉතින් ඔයලට  CITY&GUILD course එකක් ලංකාවේදී කරන්ඩ පුළුවන් ආයතන ගොඩක් තියනවා ඉතින් ඒ ආයතන පිළිබද විස්තර හැම  දෙයක්ම  ගන්ඩ පුළුවන් CITY&GUILD ලගේ ශාකාවක් colombo වල තියනවා.මම විස්තර ටික දෙන්නම් ඔයාලට කෝල් එකක් දීල හරි මේල් එකක් දාල හරි ඔයාලගේ පළාතේ තියන ආයතන ගැන තොරතුරු දැනගන්ඩ පුළුවන්.

CITY&GUILD
Level6, Access tower 278 Union Place Colombo-02  Sri Lanka
T:+94115361427/8
F:+94112314941
info@cityandguilds.lk



         ඒ වගේම දකුණු ආසියාවේ ලංකාවට අමතරව Pakistan, Bangaladesh, and Maldives වල ශාක තියනවා.    ඉතින් මීට අමතරව වෙන මොනවා හරි දැනගන්ඩ ඕනන comment එකක් දාන්ඩ.  ප්‍රයෝජනයක් උනාකියල හිටනවා.ඉක්මනටම නැවත හම්බෙමු.


 සුබ දවසක්................................................
Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...