Friday, June 21, 2013

Online Hard disk එකක් නොමිලේ

How to get 7GB minimum memory free


අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයක්.ඇත්තටම ගොඩක් අයට තියන ප්‍රස්නයකට තම අද විසදුමක් දෙන්ඩ යන්නේ.අපි හැමෝටම ඕනෑම වෙලාවක ඇති වෙන්ඩ පුළුවන් අවුලක් තම hard එක error ව්ම නැත්තම් bad secters හැදීම සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වීම වගේ දේවල්.ඒ වගේ දෙයක් උනොත් අපේ වැදගත් කියන දත්ත වලට හානි වෙන්ඩ හරි නැත්තම් සම්පුර්නයෙන්ම නැති වෙලා යන්ඩත් පුළුවන්. මම හිතනවා ඔයාල හැමෝම මේ ප්‍රශ්නෙට මුහුණ දීල තියනවා. ඒ වගේම ඔයාල ගොඩක් pen drive ,CD ,DVD,නැත්තම් External Hard disk දේවල් use කරනවා ඇති ඔයාලගේ data හුවමාරු කරන්ඩ .තැනින් තැනට රැගෙන යන්ඩ.එහෙමත් නැත්තම් ඔයාලගේ වැදගත් data save කරලා තියාගන්නත් CD ,DVD වගේ දේවල් use කරනවා ඇති.නමුත් මේ දේවල් එතරම් සාර්ථක දේවල් නෙමේ.මොකද CD , DVD,pen ,EHD  වගේ දේවල් වල තියන දත්ත හානි වෙන්ඩ තියන ඉඩකඩ වැඩි.ඒ වගේම මේ සදහා අඩික පිරිවැයක් දරන්ඩ් ත් ඔයාලට සිදු වෙනවා.නමුත් මම අද කියල දෙනවා ගොඩක් සාර්ථක වගේම නොමිලේ ඔයාලගේ data save කරලා තියාගන්ඩ සුපිරි ක්‍රමයක්.හරියටම කීවොත් මේ පොස්ට් එක ඉවර වෙනකොට ඔයාලට සතයක්වත් වියදම් නොකර 7 GB data Space එකක් හම්බෙනවා.හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු .


              ඇත්තටම මේ සදහා අපි සේවා සපයන වෙබ් site එකකට ගිහින් register වෙන්ඩ ඕන මුලින්ම.ඊට පස්සේ අපේ data අපි register උන acount එකට upload කරන්ඩ ඕන.නමුත් ඔයාල හිතනවා ඇති එතකොට අපේ data සුරක්ෂිත වෙනවද කියල.ඔව් අත්ටටම ප්‍රස්නයක් තම. එක නිසා තම අපි අපේ acount එක පිළිගත්ත විස්වාසවන්ත site එකක open කරන්ඩ ඕන.හරි මම දෙන්නම් 100% විස්වාසවන්ත site 2ක්. ඔයාල හැමෝම දන්නා Gogle හා Yahoo කියන සමාගම් තම අපි තොරගන්න්නේ.හරි එහෙනම් මුලින්ම register වෙලා ඉමුකො. 


Google Drive



                       google ලා අපිට දෙනවා 5 GB drive එකක්.එකට කියන්නේ google drive කියල.ඔයාල සමහරවිට අහලත් ඇති.හරි එහෙනම් මම ලින්ක් එක දෙන්නම්. මේ විස්තර බලලම ඉන්න .


register වෙන්ඩ අමාරු කෙනෙක් ඉන්නවනම් මම පියවර කියන්නම්.ඔය උඩ්  තියන ලින්ක් එකට ගියහම තියනවා Goto your drive කියල button එකක්.නිල් පාටට. අන්න එක click කරල එන page එකේ Sign 
in කියන තැන ඔයාගේ Gmail address එකයි password දෙන්ඩ.අයේ අමුත්වෙන් Form පුරවන්ද ඕනේ නැ.ඔයාගේ Gmail එකෙන්ම තම log වෙන්ඩ තියෙන්නේ. හරි ඔයාල හරියට වැඩේ  කරානම් දැන් තියෙන්නේ aplication එක Download කරන එක.ඔය page එකේ පහළ ඇති Download Drive for PC කියල.අන්න එතනින් මෙයාල දෙන app එක බාගන්ඩ.එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ බලන්ඩ ඔයාලගේ destop එකේ google drive කියල Folder එකක් හැදිලා ඇති.දැන් කරන්ඩ තියෙන්නේ ඔයාලගේ වැදගත් File සේරම ටික ඔය Folder එකට Move කරන්ඩ.එහෙම නැත්තම් Cut and past කරන්ඩ.බය වෙන්ඩ දෙයක් නැ ඊට පස්සේ මෙය ඔටෝ Upload කරගන්නවා.upload වෙන්ඩ ඔයාගේ නෙට් එකේ වේගය බලපානවා.කොහොම හරි මේ විදිහට ඔයාට 5 GB දක්වා upload කරගන්ඩ පුළුවන්. දැන් ඔය upload කරපු data ලෝකේ අනික් කෙළවරෙන් Acount එකට log වෙලා උනත් ගන්ඩ පුළුවන්.ඔයාට නෙට් Conection තියන ඕනෑම Electronic Gajet එකකින් ඔය Upload කරපුව නැවත බාගත් කරන්ඩත්.තව තව දේවල්.upload කරන්ඩත් google+ වලින් share කරන්ඩත්.ඔයා යවන Mail වලට tag කරන්ඩත් පහසුවෙන්ම පුළුවන්.කොටින්ම කීවොත් මේක Combo Box එකක්. දැන් ඔයාලට කාලයක් යනකොට 5 GB මදි වගේ දැනෙනවනම් ඔයාලට ඇති තරම් Upgrade කරගන්ඩ පුළුවන්.හැබැයි  ඉතින් එතකොටනම් පොඩි ගානක් ගෙවන්ඩ වෙනවා.එක අවුලක් වෙන්ඩ බැ pen වලට වියදම් කරන සල්ලි දැන් ඉතුරුයිනේ.





Dropbox






 මේ සේවාව ලබා දෙන්නේ yahoo එකෙන්.මුලින්ම මෙයාලගේ register වෙන්ඩකෝ මෙතන click කරලා.  ඔයාලට මුලිනම් 2 GB තම හම්බෙන්නේ.ඔයාල data Upload කරහම 500 MB දෙනවා. facebook twiter වලට Connect කරහම තම MB හම්බෙනවා.  ඒ වගේම තවත් ගොඩක් ක්‍රම වලින් Space එක වැඩි කරගන්ඩ පුළුවන් free.මේකත් google drive වගේම තම.app එක ඉන්ස්ට්‍රෝල් කරහම destop එකේ folder එකක් පෙන්නනවා.ඔයාලට yahoo mail යවනකොට tag කරන්ඩත් කැමතිනම් fb වල වගේ site වල share කරන්ඩත් පුළුවන්.500 GB විතර වෙනකන් Upgrade කරන්ඩ දෙනවා මෙයාල.ඒ වගේම කාලෙන් කාලෙට free MB දෙන හන්ද ඔයාලගේ drive එකේ space එක වැඩි කරගන්දත් පුළුවන්.මේ item එක තමා google වලට අමටරව dropbox වල පමණක් තියන service එක.










මම හිතනවා අදින් පස්සේ කට්ටියට data ගැන වද වෙන්ඩ දෙයක් නැතුවැති  කියල.මමනම් දැනට මේ 2 කම use කරනවා.ඒක  ගොඩක් පහසුයි මටනම් ඕන තැනකින් log වෙලා මගේ වැඩේ කරගන්ඩ පුළුවන්.   විශේෂයෙන් pc එකේ තියන දේවල් Upload කරලා phone එකෙන් බලන්ඩ පුළුවන්.අ තව දෙයක් තියනවා.ඔයට ඔයාගේ drive එකට log වෙන්ඩ මම කලින් කියපු application එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉන්ඩ ඕන.phone වලට වේනම්  app එකක් එනවා.  එහෙනම් වැදගත් දෙයක් ලීවා කියල හිටනවා.ප්‍රශ්නයක් තියනවා නම් Comment එකක් දාන්ඩ.මම reply කරන්නනම්.එහෙනම් හැමෝටම සුබ දවසක්.







1 comment:

ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.

Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...