Wednesday, January 6, 2016

අපි කොහොමද මෙච්චර මුලා උනේ.




අපි කවුද ?
හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියන්, බෞද්ධ  එසේත් නැත්තම් ඔබ ලෝකයේ පවතින ආගම 4231 අතරින් කෙනෙක් වෙන්න පුළුවන් එසේත් නැත්තම් ඔබේ ස්වාදීන ඇදහිල්ලක් අදහන කෙනෙක් වෙන්න පුළුවන් .ඒ කෙසේ නමුත් අපි සේරෝම මිනිස්සු. ඇට මස් ලේ නහර වලින් හදුන මිනිස්සු. නමුත් අපි වෙන් වෙලා .දෙවියන්ගේ කැමැත්ත?
                  එහෙමද? එතකොට මිනිස්සු එක එකා පිල් බෙදිලා ගහගන්න එකත් දෙවියන්ගේ කැමැත්තද?
අපි එහෙම හිතුවත් නැතත් එතන වැරද්දක් තියනවා ,කවුරු හරි අපිව මුලා කරලානේද?මේ ලෝකේ ඉතිහාසය බලපුවාහම මේ ලෝකේ යුද්ධ කියන දේවල් වලින් 90% ක් ඇති වෙලා තියෙන්නේ බලය මත නේද.හොදට හිටලා බලන්න ආගමක් නාමයෙන් ආවත් ජාතියක් නාමයෙන් ආවත් රටක් වෙනුවෙන් ආවත් ඒ පිටිපස්සේ තියන එකමඅදහස් බලය. බලයට කෑදර කවුද බලය ඕනා කාටද බලය වෙනුවෙන් හැම මොහොතකම සැලසුම් හදන්නේ කවුද?
දෙසපලුවෝ
අපි මේ ලෝකේ වැඩිම යුද්ධ කරන ජාතිය මුස්ලිම් ගත්තොත් ISIS ලට ඕන මොකක්ද?පවතින රාජ්‍ය වෙනස් කිරීම
LTTE  ? පවතින රාජ්‍ය වෙනස් කිරීම
කොන්ස්තන්තිනොපල් ? පවතින රාජ්‍ය වෙනස් කිරීම
සුද්දෝ ඇමෙරිකාවඇල්ලුවේ? පවතින රාජ්‍ය වෙනස් කිරීම
වියට්නාම යුද්ධය ? පවතින රාජ්‍ය වෙනස් කිරීම
හිට්ලර් ? පවතින රාජ්‍ය වෙනස් කිරීම
ඔය වගේ කොතන බැලුවත් යුද්ධයට හේතුව පවතින රාජ්‍ය වෙනස් කිරීම. එත් සමහර යුද්ධා දිනන තව සමහරක් පැරදුනා.
ඉත්න් මේ ආගම ඉස්සරහට දාගෙන යුද්ධ කරන කා ගවවත් ආගම නැ  . ආගම පුස්තකාලවල තියල අතට ආයුධ අරන් යුද්ධ කරනවා ආගම නාමයෙන් කියල.විහිළුවක් නේද.
කොචර විහිළු උනත් අදත් හෙටත් වෙන්නේ ඉතිහාසයේ උන ඔය විහිලුවම තාම.එක අපට නවත්තන්න බැහැ.අපිට ඕන ලේ ,මරාගෙන මැරෙන්න ඕන, අපි විතරයි ඉන්න ඕන, අනික් උන් සේරම මකබැවිල පල,අපි උතුම්,උබල පහත,අපි සුදුයි උබලා කලුයි,
අපිට ලෝකේ නිතරම ඇහෙන්නේ ඔය කතා .එත් මේ පුංචි ලංකාවේ ඉන්න අපි දන්නවා අපිට ඒ කුණාටුවෙන් බේරෙන්න පුළුවන් ධර්මයක් අපේ මුතුන් මිත්තෝ දීලා තියනවා. එහෙම වාසනාවක් තියන අපිත් ලෝකේ මිනිස්සුන්ගේ ගොඩට යන්න ඕනද කියන එක අහන්න වටිනවා.අද අපි කියනවා මුස්ලින් වියප්තියක් තියනවා.ආක්‍රමණයක් තියනවා අලුතෙන් ත්‍රස්තවාදයක් ඇතිවෙන්නන යනවා කියල.එක ඇත්ත එත් එකට අපි මුහුණදෙන විදිහේ අවුලක් තියනවා නේද.නිදුක් වේවා සුවපත්වෙවා දුකින් මිදෙත්වා අවසන නිවන් ලබත්වා කියන අපි ඒ කටින්ම කියනවා මුස්ලිම් බංග වේවා,තොපි ඔක්කොම මරනවා,වල් හැත්ත පාරේ ගල් ගහලා මරනවා වෙඩි තියනවා ,අපිට යුද්දයක් ඕන,එහෙම බලනකොට උන්ගෙයි අපෙයි වෙනසක් නැ නේද අපි දෙගොල්ලොම එකයි,උබලා හිතනවද අපිට ඔය විදිහට ගිහින් දිනන්න පුළුවන් කියල.කවදාවත් දිනන්න වෙන්නේ නැ.ඔහොම කෑ ගහන උබලා දන්නවාද්ද ධම්ම පදයේ එක ගාථාවක්,ත්‍රිපිටකයේ එක දේසනාවක්,ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක්. නෑ නේද එත් උබලා මර හඩින් කෑ ගහන්නේ බුද්ධහගම රැකගන්න ඕන අපිට ඕනා කියල.
.අපිට අසුරයන්ට වඩා වෙනස් තෙරුවන් සරණ ගිය පිරිසක් උදවු කරන්න බලන් ඉන්නවා .එහෙත් අපි ඔවුන්ගෙන් උදවු ගන්න ලෑස්තිද කියල එක ප්‍රස්නයක්.තව එකෙක් මරන්න කැ ගහන එක නවත්තලා අපිත් ඇත්තටම තෙරුවන් සරණ ගියොත් අපිට එදාට පිළිවෙත් රකින ශ්‍රාවකයන් වෙනුවෙන් නොපෙනෙන උදවු පැමිණේවි.එදාට මුස්ලිම් දෙමල ආක්‍රමණ පරාජය කරන්න පුළුවන්.ලෙහෙසියෙන්ම.එදාට අපි මෙලොවත් එලොවත් දෙකම ජය ගත්තා වෙනවා නේද.එසේ නොවුනොත් අපි හැමෝම මරුන දවසට එකම නිරයේ ඉදී .ඔබ හිතන්න ඔබට මේ අත්දැකීමට මුහුණ දෙන්න උනොත්,
ඔබට නිරයෙදී ප්‍රබාකරන්, ඔය මරාගෙන මැරෙන LTTE,ISIS, මුස්ලිම් ත්‍රස්තයෝ ලෝකේ ආයුද අරන් යුද්ධ කරන ,ආගම නාමයෙන් යුද්ධ කරන මෝඩයෝ එතකොට මේ රට කාපු දෙසපලුවෝ සේරම හම්බුනොත් ?
ඔබ මේ රටේ ඉපදිලා හැදුනුම් පතේ බොදු කියල තිබුන එකේ වැඩක් තියනවද?
අපි කරන්නෙත් අකුසල් රැස් වෙනා දේවල්නම් උනුයි අපෙයි වෙනසක් නැ .අපි යන්නෙත් උන් යන තැනටම තාම. එම නිසා යාලුවනේ අපි අපිත් රැකෙමින්ම රට ජාතිය ආගමත් රක ගමු.

තෙරුවන්සරණයි.



No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාර,යෝජනා,චෝදනා, හා ගැටළු, යොමු කරන්න.

Sign up for OKPAY and start accepting payments instantly.
Related Posts Plugin for WordPress, Blogger...